laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

දීර්ඝායුෂ පෙන්වන උප ජීවන රේඛාව

දීර්ඝායුෂ පෙන්වන උප ජීවන රේඛාව
අනන්ත වූ ආකාශයේ පාවෙන්නා වූ ග්‍රහලෝක කිරණ ශක්ති මිනිස් ජීවිතවලට පමණක් නොව ගහ කොළ සතා සිව්පාවාටද බලපාන්නේය.
මනුෂ්‍යයකුගේ හා සත්වයෙකුගේද දේහ ලක්ෂණ සටහන් වන්නේ උත්පත්තිය සිදුවන වේලාවේ පවතින ආකාශචාරී ග්‍රහයන්ගේ බලපෑම් අනුවමය. ඇස, කන, නාසය, තොල, කට, නළල පමණක් නොව ගෙල හා අත්පා බලා කියන ශාස්ත්‍ර ධර්මයද පැරණි සෘෂිවරුන් නිර්මාණය කර ඇත්තේ ‍ජ්‍යොතිෂ විද්‍යාවට සමානවය.
උත්පත්ති කර්මයේ පල විපාක මිනිස් සිරුරේ මෙන්ම අල්‍ලේද දැක්වේ. ජනක කර්මය කේන්දරයේ ලග්නයෙන් විග්‍රහ වේ. ලග්නයේ අධිපතියා බලවත් නම් උසස් කර්මයකින් ඉපදී ඇති අයෙකි. මෙම ලක්ෂණය මිනිස් සිරුරේද පතිත වන්නේය. මෙය අල්‍ලේ ද සටහන් වේ. අල්‍ලේ එය සටහන් වන්නේ ග්‍රහ මණ්ඩල හා ඇඟිලි වලය.
ඔබේ අල්‍ලේ සිකුරු මණ්ඩලය උස්ව වර්ණවත්ව පිහිටා ඇත්නම් ඔබ සිකුරු බලවත්ව උපන්නෙකි. ගුරු මණ්ඩලය උස්නම් වර්ණවත්ව පිහිටා ඇත්නම් ගුරු බලවත්ය. රවි මණ්ඩලය උස්නම් වර්ණවත්නම් රවි බලවත්ව උපන් අයෙකි. රවි බුධ බලවත්නම් එම මණ්ඩල උස්ව වර්ණවත්ව වැටේ. ශනි බලවත්නම් එය උස්වේ. චන්ද්‍රයා උත්පත්තියේදී බලවත් නම් එම මණ්ඩලය උස්ව රේඛා හා ලකුණු වර්ණවත් වේ. සප්ත විධි ග්‍රහ තාරකාවන්ගේ බලය හා ලක්ෂණ ඔබේ අල්‍ලේ වැටෙන රේඛාවන්ගෙන්ද විස්තර වේ.
ඔබ උත්පත්තියේදී සිකුරු බලවත් නම් සිකුරු මණ්ඩලය උස්නම් මුළු ජීවිත කාලයම සැපසේ කරයි. සැහැල්ලු ආහාර ගැනීම අකලට මහලු නොවන තරුණ පෙනුම ඇති කාමයෝගී අයෙකි. දැකීමට ප්‍රිය වූ සිරුරකි. තද ධන හානි නැත. ප්‍රීතියෙන් වාසය කරයි.
ඔබේ අල්‍ලේ මහපට ඇඟිල්ල සිකුරුට අයත්ය. මුල් පුරුක සිකුරු මණ්ඩලයයි. එය වටා ඇති ප්‍රධාන රේඛාව ජීවන රේඛාවයි. සමුද්‍රිකා සෘෂිවරුන් එය ජීව රේඛාව ලෙසද පීතෘ රේඛාව ලෙසද හඳුන්වා දී තිබේ. මෙම රේඛාව ගුරු මණ්ඩලයට යටින් අත් කර දක්වා ලම්බකව පිහිටන්නේය.
ඔබේ අල්‍ලේ සිකුරු මණ්ඩලය තුළ ජීවන රේඛාවට සමාන්තරව උප ජීවන රේඛාව වැටුණ විට ඔබගේ ජීවිතයේ ඉදිරියට සිදුවිය හැකි සියලුම බාධක විපත් වලින් ඔබ ගලවන්නේය. මෙවැනි රේඛාවක් පැහැපත්ව අල්ලක වැටුණ විට ඉතා දීර්ඝ ආයුෂ ලබන බව සෘෂි මතයයි. උප ජීවන රේඛාව වැටුණ විට වයස අවුරුදු සියය ඉක්මවා නිරෝගීව ජීවත්වන බව පුරාණ පත ‍පොතෙහි එයි. එවැනි අයකුගේ මාපට ඇඟිල්ල ප්‍රබලව දිගට පිහිටයි. එවැනි අයගේ සුළැඟිල්ල ආතාමික ඇඟිල්‍ලේ දෙවන පුරුක ඉක්මවයි. ජීවන රේඛාවට සමාන්තරව උප ජීවන රේඛාව වැටුණ විට ගමක හෝ පළාතක නගරයක කීර්තිමත් අයෙකි. මෙම මණ්ඩලය තුළ මහා ත්‍රිකෝණයක් වැටුණ විට රජ මැති ඇමැතිවරුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නෙකි. බොහෝ විට මාපට ඇඟිල්ල හා රේඛා බැඳී පිහිටි විට උගත් කමින් ඉහළ කීර්තිමත් අයෙකි.
ජීවන රේඛාවට සමාන්තරව මෙම උප ජීවන රේඛාව වැටුණ විට පංච මහා පුරුෂ ලක්ෂණවලින් එකකැයි සමුද්‍රිකා සෘෂින් පවසා තිබේ. ශාස්ත්‍රාදිය දන්නෙකි. දිරිමතෙකි. එවැනි අයට සම වූ දෙබැමකි. මනහර නළලකි. මෙබඳු අය තම සිතට අනුව කටයුතු කරයි. අනුන්හට තමන්ගේ ධනය දෙන්නෙකි. වස්තු පාලකයෙකි. එවැනි අල්ලක බොහෝ විට ප්‍රධාන ජීවන රේඛාවෙන් විහිදී යන රේඛාවන්ගෙන් කියවෙන්නේ ඔහුගේ ජීවිතයේ අතුරු පලයන්ය.
බ්‍රහස්පති ගොඩැල්ල – දබරඟිල්ල මුලට රේඛාවක් වැටුණ විට අදාළ වයසේදී ඔහු ප්‍රසිද්ධ වන්නේය. ධනය බලය රැකියා ලබන්නේය.
මෙවැනි හස්තයක ගුරු මණ්ඩලයේ අළුවා කැටයක හැඩයක චතුරශ්‍රය වැටුණ විට මහලු වියේදී මහත් වූ ධනයකට ඒකාන්තයෙන්ම පත්වන්නේ යයි පුරාතන සාමුද්‍රිකා අංග ලක්ෂණයේ එයි.
සිකුරු මණ්ඩලයට හිමි ඇඟිල්ල වන මාපට ඇඟිල්ල තුළ හරස් රේඛා කැබලි වැටී ඇත්නම් සමාජයෙන් ගරුසරු ලබන්නෙකු බවට පත්වේ.
යම්කිසි කාන්තා අල්ලක මෙම ඇඟිල්‍ලේ අග තාරකා ලකුණ වැටුණ විට බාල වයසේදීම විවාහය සිදුවේ. බොහෝ සම්පත් ලබයි.
ජීවන රේඛාව සංඛ සටහනින් පටන්ගත් විට දිළිදු පවුලක උපන්නත් ධනවත් වේ.
අල්‍ලේ සිකුරු මණ්ඩලය තුළ මත්ස්‍ය ලාංජනයක් වැටී ඇත්නම් (ස්ත්‍රී අල්ලක නම්) වැඳුම් පිදුම් ලබන රජෙකු හා සමාන පුත්‍ර රත්නයක් ලබයි.
කිසියම් අල්ලක ප්‍රධාන ජීවන රේඛාවෙන් සිකුරු මණ්ඩලයට හා චන්ද්‍ර මණ්ඩලයට අතුරේඛා විහිදී ඇත්නම් ඔහු උපන් බිමෙන් ඈත පළාතක කීර්තිමත්ව පදිංචි වේ.
උප ජීවන රේඛාවෙන් ශනි මණ්ඩලයට රේඛාවක් වැටීම තමන්ට ධන වාසනාව ඇති බවකි.
මෙය ග්‍රහචාරයේදී සෙනසුරාගේ දශාව ගෙවද්දී හිටි ගමන් ධනවත් වන අයකුගේ අල්‍ලේ දිස්වෙන බව සාමුද්‍රිකා සෘෂි මතයයි. රවි පර්වතයට පීතෘ රේඛාවෙන් ධන රේඛාව එක්වූ විට වයෝවෘද්ධ වයසේදී අන්සතු ධනය ලබන ලකුණකි.
සිකුරු රවි ධන රේඛාව වැටීම ගෙවල් දොරවල් සැප සම්පත් ලැබිමකි.
උප ජීවන රේඛාව කුජ මණ්ඩලයේ සිට අත්කරට වැටෙන්නේ කුජ සිකුරු බලවත් අයගේය. කාම සැප සම්පත් අධිකව පතන්නෙකි.
සිකුරු මණ්ඩලයේ උප ජීවන රේඛාව වැටී දැල් ලකුණ පිහිටි විට දුක් කරදර සහිත කාලයක පෙර නිමිත්තකි.
මෙම උප ජීවන රේඛාව කැඩී ඇත්නම් අදාළ කාලය තුළ දුක්ඛිතව සිටීමට සිදුවේ. එය උත්පත්ති ග්‍රහචාරයේදී පෙර කරන ලද අකුසල් පලදෙන කාලයකි.
* සෙනසුරු පර්වතයට ජීවන රේඛාවෙන් පටන් ගත් අතු රේඛාවක් වැටීම ධනවන්ත වූ හේතුවාසනාව ලැබෙන ලකුණකි.
* කුජගේ පර්වතයට පීතෘ රේඛාවේ අත්තක් වැටීම සිය දැනුමෙන් සමාජය තුළ පිළිගත් අයෙකු වන ලකුණකි.
* කිසියම් අල්ලක පීතෘ (ජීවන) රේඛාවෙන් සිකුරු මණ්ඩලයට හා චන්ද්‍ර මණ්ඩලයට රේඛා වැටීම දුර පළාතකින් විවාහ වී සියගම් බිම් අත්හැර යන ලකුණකි.
* ජීවන (පීතෘ) රේඛාවේ හතරැස් සලකුණක් වැටීම බොහෝ අනතුරුවලින් මිදෙයි.
* කවර ආකාරයක හෝ කුරුස සලකුණක් ඔබේ අල්‍ලේ ජීවන හා ෙදෙව රේඛා අතර වැටී තිබේද රජුන්ගේ පාලකයිනගේ සිත්ගත් අයෙකු වේ. පූජක අත්වල වැටේ.
* වෘධ වයසේදී ධනයෙන් පරිපූර්ණ වන පූජනීයත්වයක් සමාජයෙන් ලැබෙන ලකුණ චතුරශ්‍රකාර හැඩය දබරඟිල්ල මුල වැටේ.
* මෙම දබරඟිල්ල තුළ මෙවැනි රේඛා දෙකක් මුල පුරුකේ වැටීම බල පරාක්‍රම ශක්තියයි. ධාර්මිකත්වය ධෛර්ය ඇති උතුම් පුද්ගලයෙකි.
* බ්‍රහස්පති ග්‍රහයාට හිමි ලාංජනය ඇගිලි පුරුකේ වැටීම මහා ධනවන්තයෙකි. ඥාතීන්ගේ ගෞරවය ලබයි.
* ගුරු ඇඟිල්‍ලේ අග පුරුකේ ගරු ලාංජනය වැටීම නීතිඥයකු වන ලකුණකි. බ්‍රහස්පති ගොඩැල්‍ලේ මෙම ලාංඡනය වැටීම ඉතාම ගරු කටයුතු භාවය ලබන ලක්ෂණයයි.
* ගුරු මණ්ඩලයේදී මාතෘ රේඛාව අතු තුනක් බෙදීම දෙවියන් උදෙසා පුද පූජාවෙන් ධනය ලබයි.
* රවි මණ්ඩලයට පීතෘ රේඛාවෙන් ධන රේඛාව වැටීම මහා ‍පොහොසතෙකි.
* බුධ පර්වතය තුළ සෘජු රේඛා ඇති පුද්ගලයා දුගී මගී යාචකයින්ට සංග්‍රහ කරන සම්පතක් පිරුණ පුද්ගලයෙකි.
* දිළිදු පවුලක උපන්නත් සම්පත් ලබන කෙනෙකුට මෙම රේඛාව වැටේ.
* මාපට ඇඟිල්‍ලේ අග පුරුකට උඩින් රේඛා කැබලි වැටීම වැඩි වයසට පැමිණවීම සමාජය ගරු කරයි.
* මාපට ඇඟිල්‍ලේ අග පුරුකේ තරකා ලක්ෂණය වැටීම (ස්ත්‍රී අල්ලක) බාල වයසේදී විවාහ වේ. බොහෝ වාසනාවන්තය.
* මාපට ඇඟිල්ල මුල වැටෙන මහා කෝණය රජ දරුවන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නේය.



එච්. ඩබ්ලිව්. අභයපාල

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment