laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

උපන් දිනයට අනාවැකියක්

උපන් දිනයට අනාවැකියක්


ජනවාරි මස 22 වන සිකුරාදා උපන් අයට

1. නමට අකුරු – කු, ජ, හ, හි, රු, රෙ, ත, ස, සි, සු
2. කළයුතු පිළියම් – 1. ශිව දෙවියන්ට, පාර්වතී දේවියට බාරවන්න.
2. වැටකේ ගසට සාත්තු කරන්න.   3. නාගර්ජුන් යන්ත්‍රය පලඳින්න.
4. රනින් කළ නාග රූපයක්, ගෝමේද මැණික්, අශ්වයෙක්, කළු එළුවකුගේ මස්, නිල් කම්බිලි, ලෝහ භාවිත, නිල් රෙදි දන්දෙන්න.
3. ගතිගුණ  ඉගෙනීම – තම කටයුතු කිරීමේදී විටෙක කලබලකාරීද වන, සංචාරයන්ට, ගමන් බිමන්වලට රුචිකත්වයක් දක්වන, නිර්මාණශීලී දක්ෂතාවයෙන්ද යුක්ත කුසලතාවයද ඇති, යමක් වටහාගෙන තමාගේ කටයුතු ඉටුකරගන්නා, ගුණ යහපත්කමින්ද යුතු අයයි.
තාක්ෂණික ක්‍ෂේත්‍ර, පුරාවිද්‍යා, කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර වඩාත් ගැළපේ.
4. ශුභ වර්ණ – නිල්, කොළ, අළු

ජනවාරි මස 23 වන සෙනසුරාදා උපන් අයට

1. නමට අකුරු – හ,හි,ති,තු,ත,තෙ,ද,දි,ග,ස,නු
2. කළයුතු පිළියම් – 1. ශිව දෙවියන්ට, කතරගම දෙවියන්ට බාරවන්න.
2. බෝ ගසට සාත්තු කරන්න. 3. අභිසම්භිදාන යන්ත්‍රය, නාරසීහ යන්ත්‍රය පලඳින්න.
4. අශ්වයෙක්, රත්රන්, මී පැණි, කහපාට වස්ත්‍ර, ධාන්‍යවලින් සාදන ලද කෑම, ලුණුමල්, පැණිරස, කහ, පුෂ්පරාග මැණික් දන්දෙන්න.
3. ගතිගුණ   ඉගෙනීම- යමක් ඉක්මනට වටහා ගන්නා, තමා බාරගන්නා ලද කටයුතු හොඳින් පිළිවෙළකට ඉටුකරන, ‍පොතපත කියවීමේ රුචිකත්වයෙන්ද යුතු අචාර සම්පන්න, ආගන්තුක සත්කාරයටද කැමැති, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, සම්ප්‍රදායයන් ගරු කරන, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරන සාධාරණ ගුණයහපත් කමින් ද යුතු අයයි.   පරිපාලනය, කළමනාකරණය, නීතිය, විද්‍යා විෂයයන් වඩාත් ගැළපේ.

ජනවාරි මස 24 වන ඉරිදා උපන් අයට

1. නමට අකුරු – ප,ඵ,භ,බ,ම,දු,ථ,හු,න,නි,නු
2. කළයුතු පිළියම් – 1. විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට බාරවන්න.
2. නුග ගසට සාත්තු කරන්න.
3. නීල මණ්ඩලය, විෂ්ණු අඝෝරය යන්ත්‍රය පලඳින්න.
4. නිල් මැණික්, ලෝකඩ භාජන, මී හරක්, කළුරෙදි, තල, කොල්ලු. ගිතෙල්, කිරිබත් දන්දෙන්න.
3. ගතිගුණ   ඉගෙනීම-  තමාගේ කටයුතු හොඳින් ඉටුකිරීමට ක්‍රියාකරන අන්‍යයන්ට උදව් උපකාර කිරීමට කැමැති වෙහෙස මහන්සි වී කටයුතුවල යෙදෙන, වැඩිහිටියන්ට, ගුරුවරයන්ට, දෙමව්පියන්ට සලකන, ගරුකරන, සැමට එකලෙස සලකන, තම පන්තියේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකරන සමාජයීය කටයුතුවලට කැමැති, ආගම ධර්මයට භක්තිමත් ගුණයහපත් අයයි.
තාක්ෂණික සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයන්ට අයත් විෂයයන් කෘෂිකාර්මික අංශයන්ට අදාළ විෂයයන්, පුරාවිද්‍යාව, භූගෝලය වැනි විෂයන් වඩාත් ගැළපේ.
4. ශුභ වර්ණ – නිල්, කොළ, අළු, දුඹුරු

ජනවාරි මස 25 වන සඳුදා උපන් අයට

1. නමට අකුරු – ඩ,ඩ්,ඩු,ච,චි,නො,ය,යූ.දු,ථ
2. කළයුතු පිළියම් – 1. විෂ්ණු දෙවියන්ට, මහා බ්‍රහ්මයාට බාරවන්න.
2. කොහොඹ ගසට සාත්තු කරන්න.
3. ශිව ශිදම්බර යන්ත්‍රය, විෂ්ණු අඝෝරය යන්ත්‍රය පලඳින්න.
4. රත්රන්, රිදී, ලෝකඩ, පච්ච මැණික්, ඇත්දත්, තැටි, පුටු, සුවඳජානි පාත්‍ර, වී, ගිතෙල්, එළුවෙක්, මුං ඇටවලින් සාදන ලද කෑම, නිල්පාට රෙදි දන් දෙන්න.
3. ගතිගුණ   ඉගෙනීම- යමක් ඉක්මනට වටහා ගැනීමේ ශක්තියෙන්ද යුතු ‍පොතපත කිය වීමේ රුචිකත්වයද ඇති, තමා බාරගන්නා ලද කටයුතු හොඳින් පිළිවෙළටද, ක්‍රමානුකූලවද සැලසුම්සහගතවද ඉටුකරන, මනුෂ්‍යත්වය අගය කරන මානව දයාවෙන්ද යුතු, ආචාර සම්පන්න ආගන්තුක සත්කාරයටද කැමැති, සාධාරණ ගුණයහපත්කමින්ද යුතු අයයි.
වාණිජ ක්‍ෂේත්‍ර, ගණකාධිකරණය, පරිගණකය, ජන සන්නිවේදනය තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් ගැළපේ.
4. ශුභ වර්ණ – නිල්, කොළ, කහ, තැඹිලි

ජනවාරි මස 26 වන අඟහරුවාදා උපන් අයට

1. නමට අකුරු – මු,ල,ම,මි,මු,මෙ,යෙ,ච,ඹි,ඹු
2. කළයුතු පිළියම් – 1. විෂ්ණු දෙවියන්ට, මහා බ්‍රහමයාට බාරවන්න.
2. කෙසෙල් ගසට සාත්තු කරන්න.  3. නාගමාලය, අඝෝරය යන්ත්‍රය පලඳින්න.
3. ගතිගුණ   ඉගෙනීම- හුදකලාව කටයුතු කිරීමට කැමැති, ‍පොතපත හා කියවීමේ රුචිකත්වයෙන්ද යුතු තමාගේ කටයුතු නිසියාකාරව පිළිවෙළකට, සැලසුම් සහගතවද, ක්‍රමානුකූලවද ඉටුකරන, දක්ෂතා කුසලතාවයද ඇති, පර්යේෂණයටද, ගවේෂණයටද, රුචියක් දක්වන, සමාජයීය, කටයුතුවලට එතරම්ම ප්‍රියතාවයක් නොදක්වන, ආගම ධර්මයට භක්තිමත් සිරිත් විරිත් සම්ප්‍රදායයන්, අනුගමනය කරන පිළිපඳින ගුණයහපත්කමින්ද යුතු අයයි.
සෞන්දර්ය විෂයයන්, කලා විෂයයන්, පුරාවිද්‍යාව, ගුප්ත ශාස්ත්‍රීය කටයුතු නීතිමය ක්‍ෂේත්‍ර ගැළපේ.
4. ශුභ වර්ණ – නිල්, කළු, අළු, දුඹුරු

ජනවාරි මස 27 වන බදාදා උපන් අයට

1. නමට අකුරු – ලි,ලු,ට,ටි,ටු,බු,ජ,ජි,ම,මි,මු
2. කළයුතු පිළියම් – 1. ලක්ෂ්මි දේවියට පාර්වතී දේවියට බාරවන්න
2. කරඳ ගසට සාත්තු කරන්න.
3. සංජීවනී යන්ත්‍රය, නවග්‍රහ යන්ත්‍රය පලඳින්න.
3. ගතිගුණ   ඉගෙනීම විනෝදස්වාදයට කැමැති, සංගීතය, නර්තනය, චිත්‍ර කලාවට දක්ෂතාවය ඇති, අන්‍යයන්ගේ කටයුතුවලට උදව් උපකාරය කරන, තමා බාරගන්නා ලද කටයුතු පිළිවෙළකටද, සැලසුම් සහගතවද, ඉටුකරන, ආගම ධර්මයටද භක්තිමත් වූ සැමට එකලෙස සලකන තමාගේ නිදහස අගයන ගුණයහපත් අයයි.
සෞන්දර්ය විෂයයන්, නීතික්‍ෂේත්‍ර, කලා විෂයයන් වඩාත් ගැළපේ.
4. ශුභ වර්ණ – නිල්, කොළ,තැඹිලි, රෝස

ජනවාරි මස 28 වන බ්‍රහස්පතින්දා උපන් අයට

1. නමට අකුරු – අ,ඉ,උ,එ,ප,පි,ජ,ජි,ව,වි
2. කළයුතු පිළියම් –  1. ශිව දෙවියන්ට, මහ බ්‍රහ්මයාට බාරවන්න.
2. ඉඹුල් ගසට සාත්තු කරන්න.
3. ශිව ශිදම්බරය, සූර්ය මණ්ඩලය යන්ත්‍රය පලඳින්න.
3. ගතිගුණ  ඉගෙනීම
තමාගේ නිදහස අගය කරන, තමාගේ මතයේ සිට ක්‍රියා කිරීමටද කැමැති ලෙහෙසියෙන් අන්‍යයන්ගේ අදහස්වලට එකඟ නොවන, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයටද කැමැති, තමාගේ කටයුතු පිළිවෙළකටද, ක්‍රමානුකූලවද ඉටුකරන, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, සම්ප්‍රදායයන් පිළිපදින, ගරු කරන අය ධර්මයට භක්තිමත් ගුණ යහපත් අයයි.
වෛද්‍ය ක්‍ෂේත්‍රය, නීති ක්‍ෂේත්‍රය, පරිපාලන, කළමනාකරණ ක්‍ෂේත්‍ර වඩාත් ගැළපේ.
4. ශුභ වර්ණ – රතු, රෝස, තැඹිලි, ක්‍රීම්
ජී. දුල්මිණි සමරවීර
maheshdulmini@gmail.com

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment