laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

2016 වසර ඔබට කොහොමද?


කුලියාපිටිය උඩුබද්දාව සෙත්සිරි බෝධිපූජා පදනමේ නිර්මාතෘ ජ්‍යෙතිෂ පර්යේෂක නීල් වීරසිංහ මහතා


2016 වසර ලබන්නේ ප‍්‍රබල ග‍්‍රහ මාරු කිහිපයක පෙරළියක්ද සමගය. ජනවාරි 30 දිනට යෙදෙන රාහු. කේතු මාරුව වසර එක හමාරක කාලයක් තිස්සේ පවතින්නකි. රාහු කන්‍යා රාශියේ ගමන් කරමින් සිට සිංහ රාශි ගත වේ. ඒ වන විට සිංහ රාශියේ සිටින ගුරු ග‍්‍රහයා පීඩාවට පත් වීමේ ඉඩ කඩක්ද පවතී. මාර්තු 25 වැනි දින සෙනසුරු වක‍්‍ර වේ. ගුරු ග‍්‍රහයා අගෝස්තු 11 වැනි දින කන්‍යා රාශී ගත වේ. මෙම ග‍්‍රහ මාරු සහ පෙරළි ඒ ඒ ලග්න හිමියන්ට සුබ මෙන්ම අසුබ ප‍්‍රතිඵල උදා කිරීමටද හේතු විය හැකිය. පොදුවේ මේ වසර තුළ ග‍්‍රහ තත්ත්වයන් සැලකිල්ලට ගෙන නව අවුරුදු පලාපල ඉදිරිපත් කරන අතර ඉදිරියේදී එළැඹෙන ග‍්‍රහ මාරුවලට අනුව ඒ ඒ  කාලවකවානුවලදී එම ග‍්‍රහ මාරුවීම් සැලකිල්ලට ගෙන අදාළ පලාපල ලබා දීමට කටයුතු කරන බව පවසන ජ්‍යොතිෂ පර්යේෂක නීල් විරසිංහ මහතා ඒ ඒ ලග්න හිමියන් විසින් දෛනිකව හෝ තමන්ට පහසු ආකාරයට කළ යුතු ඉතා සරල පූජා විධියක්ද උදාවන නව වසර සඳහා ඔබට තිළිණ කරයි. මෙම පලාපල තම තමන්ගේ කේන්ද්‍රවල ග‍්‍රහයන් පිහිටා ඇති ආකාරයට අනුව වෙනස්විය හැකි හෙයින් විශේෂයෙන්ම මෙහි සඳහන් අසුබඵල ලබන ලග්න හිමියන් තම ජන්ම කේන්ද්‍රය සුදුසු නක්‍ෂත‍්‍රවේදියෙකු ලවා පරීක්‍ෂා කරවා ගැනීම වඩාත් සුදුසු බවද පවසයි.

මේෂ  – ලැබිම්වලට ඉඩ කඩ

ලග්නාධිපති කුජ හත්වැන්නේ ගමන් කරමින් සිටියදී මේෂ ලග්න හිමියන්ට මෙම නව වසර උදා වේ. පොදුවේ ගත් කල එතරම් සුබඵලදායක තත්ත්වයක් දක්නට නොලැබුණද තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීමෙන්ද ගුණගරුක ප‍්‍රතිපත්ති ගරුක දිවිපෙවෙතක් ගත කිරීමෙන්ද එම සුබඵලදායක නොවන තත්ත්වය මර්දනය කර ගත හැක.
ගෘහ ජීවිතය
සිතේ සසල බවක් ඇති වේ. පවුලේ අය සමග ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය විය හැකිය. අස්ථාන චෝදනාවන්ට ලක්වීමට සිදුවීමත් අන් අය තුළ තමන් කෙරෙහි තිබූ ප‍්‍රසාදය බිඳ වැටෙන තත්ත්වයක්ද උදා විය හැකිය. මෙම තත්ත්වයන් මෙසේ පැවතියද යම් යම් ලැබීම්වලටද ඉඩකඩ ලැබෙන බව පෙනී යයි.

ධනය සහ රැකියාව
ධනය ලැබුණද ලැබීම ඉක්මවා වියදම් යෙදේ. සමහර විට ණයතුරුස් වීමටද ඉඩ ඇත. හවුල් කටයුතුවල නිරත වීමෙන් සහ ණයට දීම වැනි කටයුතුවලින් බැහැර විය යුතුය. මෙම තත්ත්වය අවබෝධ කරගෙන මනා කළමනාකරණයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙම බාධා ජය ගත හැකිය.

අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට යම් යම් බාධක මතුවිය හැකිය. විශේෂයෙන්ම ගුරු මහ දශාව සහ අතුරු දශාව ගත කරන අයට එම බාධක මැඩගෙන ඉදිරියට යෑමේ අවස්ථාව පෑදේ. ප‍්‍රතිඵල ලැබෙන්නේ උත්සාහයේ තරමටය.

සෞඛ්‍ය තත්ත්වය
හදිසි අනතුරුවලට ඉඩ ඇති හෙයින් ගමන් බිමන් යෑමේදී විශේෂයෙන් අවේලාවේ ගමන් බිමන් යෑමේදී ප‍්‍රවේශම් වන්න. බෝවන රෝග සහ මූත‍්‍රාශ‍්‍රිත රෝග වැලඳීමේ ඉඩකඩ පවතී.

තෙරුවන විෂයයෙහි රතු මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර කතරගම දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – ඉරිදා, අඟහරුවාදා
ජය වර්ණය – රතු
සුබඵල ගෙන දෙන මැණික් – රතු, රතු කොරල්
ජය අංක – 01, 02, 05



වෘෂභ – මිශ්‍රපල සහිතයි

ලග්නාධිපති සිකුරු සෙනසුරු සමග හත්වැන්නේ ගමන් කරමින් සිටියදී නව වසර උදා වේ. මිශ‍්‍ර ඵල සහිත වසරකි.
ගෘහ ජීවිතය
පදිංචි ස්ථානගත ගැටලූ මතු වේ. නිවසින් බැහැරව වාසය කිරීමට සිදුවේ. යම් යම් අයගේ රැුවටිලිවලට හසුවිය හැකි නිසා විශේෂයෙන්ම අනුන් වෙනුවෙන් ඇප වීමේදී කල්පනාකාරී වන්න. දරුපල අපේක්‍ෂිත වෘෂභ ලග්න හිමියන්ට යහපත් වාසනාවන්ත දරුපල හිමිය. සොර සතුරු බිය ඇතිවිය හැක. දරුවන්ට රෝගාබාධ තත්ත්වයන් ඇති වේ.

ධනය සහ රැකියාව
රැකියාවේ බාධක මතුවිය හැකි හෙයින් රැුකියා ස්ථානයේදී අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින්න. ආයතන ප‍්‍රධානීන්ගේ අප‍්‍රසාදයට ලක් වන තත්ත්වයන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට ප‍්‍රවේශම් වන්න. ආදායම් තත්ත්වයේද යම් අඩුවක් පෙන්නුම් කරයි. නිෂ්ඵල වියදම් යෙදීම නිසා එම තත්ත්වය තවත් ප‍්‍රබල වේ. ගොවිතැන්වල නිරත වන වෘෂභ ලග්න හිමියන් වඩාත් සැලකිලිමත්ව සහ වෙහෙස මහන්සියෙන් එම කටයුතුවල නිරත විය යුත්තේ ගොවිතැනින් පාඩුවන ග‍්‍රහ තත්ත්වයක් පෙන්නුම් කරන හෙයිනි.

අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවල යම් යම් බාධා ඇතිවන අතර ධාරණ ශක්තියේ දුර්වලතා උදාසීන ගති ඇතිවිය හැකි හෙයින් එම තත්ත්වයන් අවබෝධ කරගෙන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිතට ගන්න.

සෞඛ්‍ය තත්ත්වය
යටිබඩ ආශ‍්‍රිත රෝගාබාධ සහ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා නිසා ඇතිවන රෝගවලට ගොදුරු විය හැකිය.
තෙරුවන විෂයයෙහි විවිධ කහ මල් සහ පාට පාට ඇති මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර පත්තිනි දේව මෑණියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බදාදා
ජය වර්ණය – සුදු, ක‍්‍රීම් පාට
සුබඵල ගෙන දෙන මැණික් – සුදු, පසිංගල්
ජය අංකය – 06



මිථුන – හදිසි ධනලාභ

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ බුධ ග‍්‍රහයා 8 වැන්නේ ගමන් කරමින් සිටියදී නව වසර උදා වේ. මිශ‍්‍ර ඵල සහිත වසරකි.
ගෘහ ජීවිතය
පදිංචි ස්ථානගතව සතුරු බලපෑම් මතුවිය හැකි අතර ගම, රට එපා වීමේ තත්ත්වයක් මතු විය හැකිය. තම කීර්ති නාමයට හානි කරවිය හැකි කරුණු යෙදිය හැකිය. අස්ථාන චෝදනා, නින්දා අපහාස, නිෂ්ඵල ගමන් බිමන්, පවුලේ අයගේ අසනීප කරදරවලට දැඩි ලෙස වෙහෙස වීමට සිදුවීම මෙම වසර තුළ ඔබට මුහුණ පෑමට සිදුවිය හැකි තත්ත්වයන්ය. මෙම තත්ත්වයන් පිළිබඳව නුවණින් විමසා බලා අවබෝධයෙන් කටයුතු කිරීම එම අසුබදායී තත්ත්වයන් සුබදායී කර ගැනීම සඳහා ඉවහල් වේ.

ධනය සහ රැකියාව
ගෘහ ජීවිතයේ මෙවන් අවුල් තත්ත්වයන් දක්නට ලැබුණද ධනය ලැබීමේ වාසනාව නොඅඩුව පිහිටා ඇත. ලොතරැුයි ජයග‍්‍රහණ වැනි හදිසි ධන ලාභවලටද හේතු වේ. නොලැබෙනු ඇතැයි අත්හැර සිටි ණය මුදලක් ලැබිය හැකිය. රැුකියා අපේක්‍ෂිතයන්ගේ එම අපේක්‍ෂා ඉටුවන වසරකි.

අධ්‍යාපනය
තරග විභාග ආදියට පෙනී සිටින අයට ඉන් ඉහළ ප‍්‍රතිඵල ලබා ගත හැකිය. ධාරණ ශක්තිය, චිත්ත ශක්තිය සහ ආත්ම ශක්තිය වර්ධනය වේ.

සෞඛ්‍ය තත්ත්වය
සෞඛ්‍ය තත්ත්වයද යහපත් මට්ටමක පවතින අතර යම් යම් රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබන අය එම ප‍්‍රතිකාර අඛණ්ඩව කරගෙන යෑමෙන් කලක් තිස්සේ පැවති එම රෝගාබාධ සමනය විය හැකිය.

තෙරුවන විෂයයෙහි නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය – කොළ
සුබඵල ගෙන දෙන මැණික් – පච්ච (මරකත)
ජය අංක – 03, 05



කටක –  සුබ පලදායක වසරක්

ලග්නාධිපති සඳු රාහු සමග 3 වැන්නේ ගමන් කරමින් සිටියදී ඇරඹෙන මෙම වසර කටක ලග්න හිමියන්ට ඉතා සුබඵල දායකය.
ගෘහ ජීවිතය
තම කීර්තිය වර්ධනය වේ. දීර්ඝ ගමන් යෙදේ. ඉන් වාසි අත් වේ. සහජ දක්‍ෂතා මතු වේ. ඉන් උපරිම පල නෙළා ගනී. අන් අයගේ උපදෙස් රහිතව තම මතයටම කටයුතු කරගෙන යාමට පෙලඹේ. මෙහිදී යම් යම් කටයුතු ආරම්භයේදී දෙවරක් සිතා බලා කටයුතු කිරීමට සිතට ගන්න.

ධනය සහ රැකියාව
හදිසි ධන ලාභ, ලොතරැුයි ජය ආදියට හේතුය. රැකියා ස්ථානයේ හොඳ නම දිනා ගනී. ආයතන ප‍්‍රධානීන් අතර ප‍්‍රසාදයට පත් වේ. ලැබීම් තිබුණද වැය පස ඉහළ යා හැකි හෙයින් මුදල් පරිහරණයේදී වඩාත් කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය
ඥානය සහ බුද්ධිය වර්ධනය වන වසරකි. අලූත් අලූත් දේ පිළිබඳව ඉගෙනීමට උනන්දුව වැඩි වේ.

සෞඛ්‍යය තත්ත්වය
සෙම් රෝග, උරපතු ආශ‍්‍රිත රෝග වැනි රෝගාබාධවලට ගොඳුරු විය හැකිය. හෘද රෝගී කටක ලග්න හිමියන් වඩාත් ප‍්‍රවේශම් වන්න.

තෙරුවන විෂයයෙහි සුදු මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී සුමන සමන් දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – අඟහරුවාදා, සිකුරාදා
ජය වර්ණය – සුදු, ක‍්‍රීම් පාට
සුබඵල ගෙන දෙන මැණික් – සුදු මැණික්, මුතු
ජය අංක – 02, 07



සිංහ – අලුත් අදහස් තුළින් නව නිර්මාණ

සිංහ ලග්න හිමියන්ට මෙම වසර ආරම්භ වන්නේ ලග්නාධිපති රවි ග‍්‍රහයා 5 වැන්නේ ගමන් කරමින් සිටියදීය. සුබඵල දායක වසරකි.
ගෘහ ජීවිතය
මෙතෙක් අත්හැර දමා ඇති කටයුතු නැවත නැවුම් ලෙස ආරම්භ කිරීමට සිත යෙදවේ. අලූත්, අලූත් අදහස් තුළින් නව නිර්මාණ බිහිවන වසරකි. පවුලේ සමගිය, සාමදානය වර්ධනය වේ. යහපත් බලාපොරොත්තු ඉටු වේ.

ධනය සහ රැකියාව
රැකියා අපේක්‍ෂිත සිංහ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවන වසරකි. රැකියාවල නියුතු අයට රැකියාවේ උසස් වීම්, ප‍්‍රසාද දීමනා හිමිවීම් ආදියට ඉඩ කඩ පවතී. හදිසි ධනලාභවලටද හේතු පෙන්වයි.

අධ්‍යාපනය
විදෙස්ගත අධ්‍යාපනය ලබන සහ අධ්‍යාපනය ලැබීමට අපේක්‍ෂිත අයගේ අපේක්‍ෂා ඉටු වේ. විභාග සහ සම්මුඛ පරීක්‍ෂණවලින් ඉහළ ජයග‍්‍රහණ හිමි වේ.

සෞඛ්‍ය තත්ත්වය
හිසේ අමාරු, ශරීරය උෂ්ණ වීමෙන් සහ ලේ දූෂ්‍ය වීමෙන් ඇතිවන රෝගාබාධ, හෘද රෝග ආදියට හේතු පෙන්වයි.
තෙරුවන විෂයයෙහි රතු මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශිව දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බදාදා
ජය වර්ණය – රතු
සුබඵල ගෙන දෙන මැණික් – පද්මරාග
ජය අංක – 01, 04



කන්‍යා – දේපළ යානවාහන ලාභ

ලග්නාධිපති බුධ 5 වැන්නේ ගමන් කරමින් සිටියදී කන්‍යා ලග්න හිමියන්ට නව වසර උදා වේ. යහපත් වසරකි.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිතය යහපත්ය. අනුන් සතු වස්තුව හිමි වේ. යහපත් පෙම් සබඳතා ගොඩ නැගේ. විවාහ අපේක්‍ෂිතයන්ගේ අපේක්‍ෂාවන් ඉටු වේ. විවාහ යෝජනා ස්ථීර වේ. බොහෝ බලාපොරොත්තු ඉටු වේ.

ධනය සහ රැකියාව
ධනය ලැබීම අතින් යහපත් වුවද වියදම් පක්‍ෂයද එයට සමගාමීව ඉහළ යයි. ඉඩකඩම්, දේපළ, යාන වාහන හිමිකම් ලැබේ. ආගමට දහමට බරව කටයුතු කරන වසරකි. රැකියාවන්හි ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. ස්ථාන මාරු හෝ විදේශගතවීම්වලට අවස්ථාව පෑදෙනු ඇත.

අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ඉතා හොඳ මට්ටමකින් කරගෙන යෑමට හැකි වසරකි. පර්යේෂණවලින් සාර්ථක පල නෙළා ගත හැකිය. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නව පැති පිළිබඳව අවධානය යොමු වේ.

සෞඛ්‍ය තත්ත්වය
සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. මෙතෙක් පැවති රෝග පීඩාවලින් සහනයක් අත්වේ. හෘද රෝගී කන්‍යා ලග්න හිමියන් ප‍්‍රතිකාර පිළිබඳව වඩ වඩාත් සැලකිලිමත් වන්න.

තෙරුවන විෂයයෙහි නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – සිකුරාදා
ජය වර්ණය – කොළ
සුබඵල ගෙන දෙන මැණික් – පච්ච
ජය අංක – 02, 03



තුලා – ව්‍යාපාර කටයුතු ඉදිරියට

තුලා ලග්න හිමියන්ට මෙම වසර එළැඹෙන්නේ ලග්නාධිපති සිකුරු, සෙනසුරු සමග දෙවැන්නේ ගමන් කරමින් සිටියේදීය. සුබදායක වසරකි.
ගෘහ ජීවිතය
ගෙදරදොර වාසයට වැඩි කැමැත්තක් දක්වයි. ජීවිතයට සතුට, සැනසුම ළඟා කර දෙන වසරකි. තම වචනයෙන් අන් අය සතුටු කළ හැකි විශ්වාසවන්තව කටුයතු කරන අය සමග ආරම්භ කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත හැකිය. රැවටිලිකරුවන්ට හසුවිය හැකි හෙයින් කල්පනාකාරීව කටයුතු කරන්න.

ධනය සහ රැකියාව
තැන්පත් ධනය වැයවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබුණද හදිසි ධන ලාභ, ලොතරැයි ජය ආදියටද හිමිකම් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවල නිරත තුලා ලග්න හිමියන් පියවර කිහිපයක් ඉදිරියට තබන වසරකි.

අධ්‍යාපනය
උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමට ඇති උනන්දුව වර්ධනය වේ.

සෞඛ්‍ය තත්ත්වය
ලේ විෂ වීම, මුඛය ආශ‍්‍රිත රෝග සහ දත් රෝග ඇතිවිය හැකිය. තෙරුවන විෂයයෙහි විවිධ කහ මල් සහ පාට පාට ඇති මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර පත්තිනි දේව මෑණියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බදාදා
ජය වර්ණය – සුදු, ක‍්‍රීම් පාට
සුබඵල ගෙන දෙන මැණික් – දියමන්ති, පසිංගල්
ජය අංක – 06



වෘශ්චික – කල්පනාකාරී වන්න

ලග්නාධිපති කුජ 12 වැන්නේ ගමන් කරමින් සිටියදී ඇරඹෙන මෙම නව වසර වෘශ්චික ලග්න හිමියන්ට එතරම් සුබඵල ගෙන දෙන වසරක් නොවේ. කල්පනාකාරීව දිවි ගෙවීමට වග බලා ගන්න. ඔබේ ජන්ම පත‍්‍රය පරීක්‍ෂා කරවාගෙන සුදුසු ප‍්‍රතිකර්මවල යෙදෙන්න.
ගෘහ ජීවිතය
ගමන් බිමන් අධික වේ. සිතේ සැනසිල්ල අඩු වේ. මානසික ඒකාග‍්‍රතාව බිඳ වැටේ. මවට, පියාට හෝ පවුලේ සමීප ඥාතියෙකුට බරපතළ අපල තත්ත්වයක් මතුවිය හැකිය.

ධනය සහ රැකියාව
රැකියාවේ කටයුතුවලදී වඩාත් කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ඇසුරු කරන අය සමග සමීප ඇසුරේදී ප‍්‍රවේශම් සහගත වන්න. රැකියාවේ තෘප්තිය පහළ යා හැකිය.

අධ්‍යාපනය
මෙවන් අභියෝගාත්මක තත්ත්වයක් අන් කටයුතුවලදී දක්නට ලැබුණද අධ්‍යාපන කටයුතුවලට ඉතා යහපත් කාලයකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදා නැති උනන්දුවක්, උද්යෝගයක් ඇතිවන අතර එය තරග විභාග ජය, සම්මුඛ පරීක්‍ෂණ ජය, විභාග ජය සඳහා හේතු වේ. අධ්‍යාපනික ශිෂ්‍යත්ව දිනා ගැනීමටද අවස්ථාව හිමි විය හැකිය.

සෞඛ්‍ය තත්ත්වය
හිස, උදරය සහ පාද ආශ‍්‍රිත රෝග මෙන්ම සෙම් රෝග ආදියටද හේතු පෙන්වයි. හදිසි අනතුරුවලට භාජනය විය හැකි හෙයින් ප‍්‍රවේශම් වන්න.
තෙරුවන විෂයයෙහි රතු මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර කතරගම දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය – රතු
සුබඵල ගෙන දෙන මැණික් – රතු කොරල්
ජය අංක – 01, 02



ධනු – තැම්පත් ධනයේ වර්ධනයක්

ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු 9 වැන්නේ ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වසර එම ලග්න හිමියන්ට මිශ‍්‍ර ඵල උදාකරයි.
ගෘහ ජීවිතය
අනුන් වෙනුවෙන් කැපවීමට සිදුවේ. ඉන් තම තැන්පත් ධනය වැය වේ. ඇසුරු කරන අය සමග යම් යම් ආරවුල් ඇතිවිය හැකිය. දීර්ඝ වන්දනා ගමන්, පුණ්‍ය කටයුතු, ඉඩ කඩම්, දේපළ, වාහන ලාභ. සුබඵලදායී තත්ත්වයන්ය.

ධනය සහ රැකියාව
රැකියාවේ දියුණුවක් දක්නට ලැබුණද එම දියුණුව තිරසාරව පවත්වාගෙන යාමට නම් අනවශ්‍ය ගැටුම්වලට මැදිවීමෙන් වැළකි සිටිය යුතුය. ආයතන ප‍්‍රධානීන් සමග කටයුතු කිරීමේදී මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ වර්ෂයේ අග භාගයේදීය.

අධ්‍යාපනය
නව සොයා ගැනීම් සඳහා කටයුතු කරන ධනු ලග්න හිමියන්ට ඉතා සුබදායක වසරක් වුවද අන් අයට යම් යම් බාධක මධ්‍යයයේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදුවේ. උත්සාහය මත මෙම තත්ත්වයන් මර්දනය කරගත හැකිය.

සෞඛ්‍ය තත්ත්වය
පාද, දණහිස් ආශ‍්‍රිත රෝග, සෙම් රෝග සහ ඇස් සහ උගුර ආශ‍්‍රිත රෝගාබාධවලට ලක්විය හැකිය.
තෙරුවන විෂයයෙහි කහ සහ නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය – කහ
සුබඵල ගෙන දෙන මැණික් – පුෂ්පරාග
ජය අංක – 03, 05



මකර – වසර පුරා යහපත් ආර්ථිකයක්

මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ ශනි ග‍්‍රහයා සිකුරු සමග 11 වැන්නේ ගමන් කරමින් සිටින මෙම වසර උදාව එම ලග්න හිමියන්ට සුබඵල උදාකරවමින් උදා වේ.
ගෘහ ජීවිතය
පවුලක් ලෙස පොදුවේ දියුණුව කරා පා නැගීමට අවශ්‍ය පසුබිම ගොඩ නැගෙන්නේ මකර ලග්න හිමියන්ගේ සුබදායී ග‍්‍රහචාරය හේතු කොටගෙනය. පවුලේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. භූමිය ආශ‍්‍රිතව ලැබෙන ධන ධාන්‍යවලින් දියුණුව ළඟා කර ගත හැක. ඉඩකඩම් හිමිකම් ලැබේ. දරුපල අපේක්‍ෂිත අයට යහපත් දරුපල ලැබේ. විවාහ අපේක්‍ෂිතයන්ගේ එම අපේක්‍ෂා යහපත් ලෙස ඉටු වේ.

ධනය සහ රැකියාව
හදිසි ධනලාභවලට හේතු ඇත. වසර පුරා යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් ගොඩනැගේ. රැකියාවේ දියුණුව ළඟා කර ගත හැක. උසස්වීම්, වැටුප් වර්ධක හිමිවීම් ආදියටද හේතු පෙන්වයි. රැුකියා ස්ථානයේ ප‍්‍රසාදයට පත් වේ.

අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු මකර ලග්න හිමියන් ඉන් උපරිම ඵල නෙළා ගන්නා වර්ෂයකි. තරඟ විභාග ආදියට පෙනී සිටින අය ඉන් උසස් ජයග‍්‍රහණ හිමි කර ගනී. වසර පුරාම ප‍්‍රබෝධයෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබේ.

සෞඛ්‍ය තත්ත්වය
ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව මෙම නව වසර ගත කළ හැකිය. උදරාබාධ, උෂ්ණාධික රෝග, නිධන්ගත රෝගවලින් පෙළෙන අය අඛණ්ඩ ප‍්‍රතිකාර තුළින් සුවපත් තත්ත්වයට පත්වේ.

තෙරුවන විෂයයෙහි නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – අඟහරුවාදා
ජය වර්ණය – නිල්
සුබඵල ගෙන දෙන මැණික් – නිල් මැණික්
ජය අංක – 06, 08



කුම්භ – රැකියා උසස්වීම්

ලග්නාධිපති ශනි සිකුරු සමග 10 වැන්නේ සිටියදී ආරම්භ වන මෙම වසර කුම්භ ලග්න හිමියන්ට උදා කරන්නේ මිශ‍්‍ර ඵලයන්ය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ යම් යම් අවුල් සහගත තත්ත්වයන් ඇති වන්නේ පදිංචි ස්ථානයට අදාළව බල පවත්වන අදෘශ්‍යමාන බලවේගයන් බලවත් වීම නිසාය. තත්ත්වය මෙසේ වුවද ආර්ථික තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබේ. යම් යම් උදාසීන ගති ඇති විය හැකිය. එම තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කිරීමට වගබලා ගත යුතුය.

ධනය සහ රැකියාව
රැකියාව තුළින් උපයන ධනය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකියාව ලැබේ. රැකියා ස්ථානයේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රසාදය හිමි වේ. රැකියා උසස් වීම් ආදියටද අවස්ථාව පෑදෙන්නේ තම උත්සාහයේ සහ කැපවීමේ තරමටය.

අධ්‍යාපනය
නිවසින් පිටත සිට අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට වඩාත් සුබ දායකය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට වරින් වර යම් යම් බාධක පැන නැගුණද එම බාධක පරයා පෙරට යා හැකි ග‍්‍රහ තත්ත්වයක්ද පෙන්නුම් කරයි.

සෞඛ්‍ය තත්ත්වය
හමේ රෝග, හෘද රෝග, ආදියෙන් පෙළෙන අය වඩාත් ප‍්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න.
තෙරුවන විෂයයෙහි නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය – නිල්
සුබඵල ගෙන දෙන මැණික් – නිල් මැණික්
ජය අංක – 03, 08



මීන – උත්සාහයෙන් දියුණුව

මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ ගුරු ග‍්‍රහයා 6 වැන්නේ ගමන් කරමින් තිබියදී ඇරඹෙන මෙම වසර තුළ එම ලග්න හිමියන්ට සුබඵල උදා කර ගත හැක්කේ තම උත්සාහයේ තරමටය.
ගෘහ ජීවිතය
දුර දිග නොබලා ගන්නා තීරණ නිසා පවුලේ සමගියට බාධා පැමිණිය හැකි හෙයින් තීන්දු, තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. බලාපොරොත්තු රහිත කරදරවලට මුහුණ දීමට සිදුවන අතර මෙතෙක් ඉතා ළඟින් ඇසුරු කරන අය තමන්ගෙන් ඈත්වන ග‍්‍රහ තත්ත්වයක් දකින්නට ලැබේ. කෙසේ වුවද වසරේ අවසන් භාගයේදී යම් සුබඵල සහිත තත්ත්වයක් උදාවිය හැක.

ධනය සහ රැකියාව
රැකියාවේ ගැටලූ සහගත තත්ත්වයන් සහ ධනෝපායන මාර්ගවල යම් යම් බිඳවැටීම් සිදුවන්නේ වසරේ මුල් කාල සීමාවේදීය. ඒ නිසා එම කාලය ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර නව ව්‍යාපාර ආරම්භය හවුල් ව්‍යාපාර ආදිය එම කාල සීමාව තුළ නොකළ යුතු දේවල්ය. කෙසේ වුවද වසර අවසාන කාලය මෙම තත්ත්වයන් සමනය වූ යහපත් කාලයක් වනු ඇත.

අධ්‍යාපනය
විදේශගත අධ්‍යාපනය සඳහා සුදුසු වසරකි. පොදුවේ අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා එල්ල වුවද තම උත්සාහය තුළ එම බාධා මැඩගෙන ඉදිරියට යෑමට අවස්ථාව පෑදේ.

සෞඛ්‍ය තත්ත්වය
ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ, විෂ ශරීරගතවීම් ආදියට හේතු පෙන්වන හෙයින් කෑමෙන්, බීමෙන් හැකිතාක් ප‍්‍රවේශම් වන්න.

තෙරුවන විෂයයෙහි කහ සහ නිල් මල්, පැන්, පහන්, සුවඳ දුම් පූජාකර ශ‍්‍රී විෂ්ණු දෙවියන් ප‍්‍රධාන කොටගත් සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
සුබ දිනය  – බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය – කහ
සුබඵල ගෙන දෙන මැණික් – පුෂ්පරාග
ජය අංක – 03, 09

කුලියාපිටිය, උඩුබද්දාව සෙත්සිරි බෝධි පූජා පදනම විසින් වසරේ සෑම සෙනසුරාදා, ඉරිදා දිනකම අඛණ්ඩව පවත්වාගෙන යන ආශිර්වාද බෝධි පූජා මාලාවේ 2016 ප‍්‍රථම බෝධි පූජාවන් ජනවාරි 02 සෙනසුරාදා මාදම්පේ, තනිවැල්ලේ තනියවල්ලභ දේවාලයේ බෝධීන් වහන්සේ අබියසදී එදින රාත‍්‍රී 8.00 ද, ජනවාරි 03 වන ඉරිදා උඩුබද්දාව සතිපොළ ඉදිරිපිට ඉන්ද්‍රාරාම විහාරස්ථ බෝධීන් වහන්සේ අබියසදී සවස 6.00 ටද, පැවැත්වෙන බව ප‍්‍රකාශ කළ නිල් වීරසිංහ මහතා එම දිනවල වර්ෂාරම්භ බෝධි පූජා සඳහා සහභාගිවීමට බලාපොරොත්තු වන ‘‘රිවිර’’ පාඨක භවතුන්ට එළගිතෙල් පහන් 09 ක්, කහ මල් වට්ටියක්, නිල් සහ රතු මල්, මුඞ්ඩ සහිත පොල් ගෙඩියක්, කපුරු පිනිදිය, හඳුන්කූරු වැනි පූජා ද්‍රව්‍යද රැුගෙන පැමිණ ආශිර්වාද ලබා ගන්නා ලෙස ආරාධනය කර සිටී.




කුලියාපිටිය උඩුබද්දාව සෙත්සිරි බෝධිපූජා පදනමේ නිර්මාතෘ ජ්‍යෙතිෂ පර්යේෂක නීල් වීරසිංහ මහතා සමග සාකච්ඡුා කොට සකස් කළේ – සුනිල් පොරමඩල
s.poramadala@gmail.com

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment