laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

පොරොන්දම් විස්සම හරි ඒත් කසාදය පුස්සක්

2015-05-16 02:05:00

පොරොන්දම් විස්සම හරි ඒත් කසාදය පුස්සක්


විවාහ ගිවිස ගැනීමට නියමිත කුමර කුමරියන් පළමුව සලකා බලන්නේ පොරොන්දම් ගැළපේද යන්න පිළිබඳවයි. වැඩිමනත් ඒ ගැන උනන්දු වන්නේ ඔවුන්ගේ මවුපියන්ය. පොරොන්දම් විස්සම මනාව ගැළපී විවාහ ජීවිතය බිඳවැටුණු අය මෙන්ම විස්සම නොගැළපී යහතින් පවුල් කන උදවියද අනන්තය. විසි පොරොන්දම් පරීක්ෂාව සාම්ප්‍රදායික සොයා බැලීමකි. ඉන් එහා ගිය කාරණා කීපයක් පවුල් ජීවිතය රස - නීරස කිරීමෙහිලා තදබල ලෙස බලපාන බව කීමටයි මේ උත්සාහය.
පොරොන්දම් විස්සයි, අෂ්ට කූටයයි හොඳනම් ඒ ඇතැයි මුල් බැසගත් මතය මේ වනවිට පුස්සක් බවට පත්ව තිබේ. පොරොන්දම් බැලීමේදී සලකා බැලිය යුත්තේ පවුල් ජීවිතය දිගු කාලීනව ර¼දා පවතීද නැද්ද යන්නයි.
22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා දෙවැන්නේ සිටීනම් හෝ දෙවැන්නට දෘෂ්ටි හෙළීනම් හෝ දෙවැන්නාධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා සමඟ යෝග වී නම් හෝ විවාහය ර¼දා නොපවතී. දෙවැන්න යනු කුටුම්බ ස්ථානය හෙවත් විවාහයෙන් පසු ස්ථානයයි. විවාහ වනතෙක් 7 වැන්න වැදගත්ය. දෙදෙනා කායිකව එක්වීමෙන් පසු වැදගත් වන්නේ 7 නොව දෙවැන්නයි.


ස්ත්‍රී කේන්දරයක දෙවැන්න හරිම වැදගත්. ස්ත්‍රී කේන්දරයක දෙවැන්නෙහි නීච ග්‍රහයෙක් සිටීනම් කට හොඳ නැත. ඒ නිසාම මිනිහාගෙන් ගුටි කෑමේ ඉවරයක් නැත. 5 වැන්න දාරක ස්ථානයයි. එහි රාහු නීච සතුරු තත්ත්වයෙන් සිටින ස්ත්‍රී - පුරුෂයන්ට දරුපල හීනය.
5 අධිපති ග්‍රහයා හා ගුරුගේ තත්ත්ව අනුව ස්ත්‍රී - පුරුෂ දෙදෙනාගේ දරුපල ගැන කිවහැකිය. 5 වැන්න වඳ රාශියක් වී 5 අධිපති ග්‍රහයාද ගුරුද වඳරාශි ගතනම් දරුපල අහිමිය. එහෙත් වඳ ස්ත්‍රීන්ට පවා දරුපල පිහිටන නැකැත් ජේ‍යාතිෂයෙහි පවතී.


12 වැන්නෙහි සෙනසුරු හා චන්ද්‍රයා සිටීනම් උන්මත්තකයෙකි. ඔබ සරණ යන්නේ පිස්සෙක් විකාරකාරයෙක් සමඟ දැයි පොරොන්දම් පරීක්ෂාවේදීම තෝරා බේරා ගත යුතුය.
පස්වැන්නාධිපති ග්‍රහයා හා හත්වැන්නාධිපති ග්‍රහයා යෝගව ඇත්නම් එකී ග්‍රහයන් කුජ සිකුරු දෙදෙනා නම් පර අඹුවන් - පර පුරුෂයන් කරා යන කාමභෝගීන්ය.
පොරොන්දම් විස්ස ඉක්මවා කුජ දෝෂ කඩහන්දි දෝෂ, විෂ කන්‍යායෝග, පුරුෂ වර යෝග, ස්ත්‍රී මර යෝග, වඳ යෝග, බහු විවාහ යෝග ආදී බොහෝ කරුණු හරියාකාරව සොයාබලා විවාහ තීන්දු ගැනීමයි වැදගත්.
අපරාධකාරයන් පල් හොරුන් හා විවාහ වී ඇඬ­ූ කඳුළින් පසුවන අයද අපමණය. මේවා නොසොයා පොරොන්දම් මායාවේ වැටී දරුවන් අමාරුවේ දමන මවුපියන් සිටින වගද කිවයුතු ඇත.

ශනි - කුජ 7 සිටීනම් පාප කේන්දරයයි කියා නොසලකා හැර කටයුතු කරන මවුපියන්ද අප්‍රමාණය. 7 වැන්නේ කුජ සිටින කටක ලග්නකාරයාට කුජදෝෂ නැත. ඔහු හෝ ඇය කඩවසම් රූමත් සහකරු සහකාරියක් ලබයි 7 සෙනසුරු සිටින කටක සිංහ ලග්න පාපී කේන්දර නොවේ.
පංච මහා පුරුෂ යෝග පිහිටන කේන්දරයන්ය. ශනි 7 සිටින ඇතැම් කේන්දර හිමියන්ගේ විවාහය පමාවීම වුවද නියත වශයෙන්ම විවාහය සිදු කෙරේ. ඇතැම් විට වයසින් වැඩි අයකු හා විවාහ වේ.
මේ ආදී වශයෙන් පොරොන්දම් විස්ස අබිබවා විවාහයේ සාර්ථක අසාර්ථක බව විසඳන ග්‍රහ පිහිටීම් ඇත. කේන්දර හොඳින් පරීක්ෂා කරවා ගන්න. ඔබටද සාර්ථක පවුල් ජීවිතයක උරුමය පවතී.


ජේ‍යාතිෂවේදී - නන්දන කුමාරපේලි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment