laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

මහපටැඟිල්ල ජීවිතය ගැන කියන හැටි




අතේ ඇඟිලි එක් එක් ග්‍රහයින්ගේ චලන ශක්තීන් අවශෝෂණය කරගන්නා ඇන්ටනාවන් බඳුය. ඇඟිලිවලට පහළින් ඇඟිලි මුල පිහිටි ප්‍රදේශය ග්‍රහමණ්ඩල ලෙස සලකන බැවින් එම ස්ථාන ඒ ඒ ග්‍රහයින්ගේ බල ශක්තීන් ගබඩාවෙන ස්ථාන ලෙස දැක්විය හැක. මේ අයුරින් මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාටද දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාටද මැද ඇඟිල්ල සෙනසුරු ග්‍රහයාටද වෙද ඇඟිල්ල රවි ග්‍රහයාටද, සුළැඟිල්ල බුධ ග්‍රහයාටද අයත්වේ. මේ නිසා මෙම ඇඟිලි එම ග්‍රහයින්ගේ නමින්ද හඳුන්වයි. දැන් අපි බලමු එක් එක් ඇඟිලිවල පිහිටීම අනුව ඔවුන්ගේ ජීවන තොරතුරු කෙසේ ද කියා.
අතේ ඇඟිලි අතරින් සුවිශේෂ ස්ථානයක් ගන්නා මහපට ඇඟිල්ල සාමුද්‍රික ශාස්ත්‍රයේදී විශේෂ අවධානයක් යොමුකර ඇත. ආදරය, හිතවත්කම, කලාත්මක දේවල් කෙරෙහි ඇති දක්ෂතාව ආදී සිකුරු ග්‍රහයාට අයත් ගතිගුණ මහපටැඟිල්ල තුළින් පෙන්නුම් කෙරේ. සාමුද්‍රික ශාස්ත්‍රයේ පෙන්නුම් කර ඇති පරිදි මහපට ඇඟිලි වර්ග කීපයක් වෙයි. පහසුවෙන් නොනැමෙන සුලු මහපට ඇඟිල්ල දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති කුමන් අවස්ථාවකදී වුවත් නොසැලෙන භාරගත් කාර්යය නොපිරිහෙළා ඉටුකරන අය තුළින් දැකිය හැකියි. ඔවුන් නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් ජීවිතයේ ජයග්‍රහණයන් හිමිකර ගන්නා අතර ගෞරවණීය ලෙස ජීවත්වෙති. පහසුවෙන් නැවෙන සුලු මහපට ඇඟිල්ලක් පිහිටි අය දුක සැප සමව විඳ දරාගත හැකි අය වන අතර ඔවුන් බුද්ධිමයට වඩා හදවතට ගරු කරන්නෝ වෙති. කලාකාමීත්වය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන ඔවුන් තුළ කාමරාගී සිතිවිලි අධිකය. මෙම ලක්ෂණ දෙකම මිශ්‍ර වූ අත්ද දැකිය හැක. එම අයගේ මහපට ඇඟිල්‍ලේ ඉහළ පුරුක හෙවත් නිය සහිත පුරුක නම්‍යශීලී වන අතර අනෙක් පුරුක වඩා තද බවකින් යුතු වේ. ඔවුන් නිර්භීත බවක් පෙන්නුම් කළත් ඔවුන් කරන කිසිම කටයුත්තක් දූරදර්ශී ලෙස සිතා බලා කටයුතු නොකරයි. ක්‍රියාශීලී වුවත් එම කටයුතු බුද්ධිමත් බවකින් කළ බවක් නොපෙනේ.
අත්ලට නොගැළෙපන තරම් කුඩා මහපට ඇඟිලිද සමහරවිට දැකිය හැක. ඔවුන් බොහෝ විට අධෛර්යමත් පුද්ගලයින් වන අතර ඔවුන් කරන කටයුතුද අවුල් සහිත වේ. ආහාරවලට ගිජුකමක් දක්වන ඔවුන් රාගාධිකද වේ. අශෝභන අදහස් නිතර පළකරන ඔවුන් බොහෝවිට නිකරුණේ කල් ගෙවන්නෝ වෙති. ඔවුන්ගේ චරිතය දුර්වලය. එසේම තීරණයක් ගන්නේ හදවතිනි. අන්‍යයන්ව පාලනය කරන අයට මෙවැනි ඇඟිලි පිහිටයි. ඔවුන් අන් අයට නායකත්වය දීමට ඉදිරිපත් වෙනවා හැරෙන්නට තමන්ට එම තත්ත්වය දීම නුරුස්සයි.
අත්ලට සමාන නොවන තරම් විශාල වූ එමෙන්ම දිගින් යුතු මහපටැඟිල්ලෙන් පෙන්නුම් කරන්නේ පුද්ගලයකු සතු ශක්තිමත් ස්වභාවයයි. උසස් සිතුවිලි සහිත ඥානයෙන් මෙන්ම බලයෙන්ද යුතු පෙර පින් ඇති අයට මෙවැනි මහපටැඟිල්ලක් පිහිටයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔවුන් කටයුතු කරන්නේ යහපත් බුද්ධියකින් යුතුවය. දූරදර්ශී ඥානයෙන් යුතු බැවින් ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගන්නෝද වෙති.
අත්‍ලේ ඉතා පහළින් මහපට ඇඟිල්ල පිහිටියේ නම් ඔවුහු සමාජයේ කා සමගත් සහයෝගයෙන් සිටීමට කැමැති කාරුණික ත්‍යාගශීලී අය වෙති. උසස් මානසික ගුණ ධර්මවලින් පිරුණු මෙවැනි අය අන්‍යයන්ගේ සැපට දුකට හැමවිට පිහිට වෙති.
මනුෂ්‍යයාගේ මහපට ඇඟිල්ල කොටස් තුනක් ලෙස පුරුක්වලින් වෙන්වී ඇත. එයින් මුල පුරුක 1. කාම ස්නේහ බලය කියාද 2. වන පුරුක හෙවත් මැද පුරුක තර්ක විතර්ක බලය කියාද අග පුරුක හෙවත් නිය අසල පිහිටි කොටස ෙචෙතසික බලය කියාද හඳුන්වයි.
මහපටැඟිල්‍ලේ මුල පුරුක මැද පුරුකට වඩා දිග නම් එවන්නන් තර්ක විතරක් ආදියට දක්ෂ නමුත් එම තර්කවලින් ඔවුන්ගේ අදහස් සඵල නොවේ. මෙම පුරුක මසින් නෙරා පිහිටියේ නම් ඔවුන් දූෂිත ගතිවලින් යුක්තව ක්‍රියාකරන්නෝ වෙති. ස්වල්ප ලෙස පිරුණා වූ ස්වභාවයෙන් පිහිටියේ නම් රාගාධික වූ හෙවත් නිතර කාම ච්ෙතනාවෙන් පීඩිත අයෙකු වේ. එසේම වඩා මහතින් අඩු වූයේ නම් එය කාමාශාවෙන් හීන වූ අයෙකුගේ ලක්ෂණයකි.
මෙම පුරුක මධ්‍ය ප්‍රමාණයෙන් පිහිටා ඇත්තේනම් නොබිඳෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන යන සරල ජීවිතයක් ගත කිරීමට කැමැති යහපත් කෙනෙකු ලෙස හැඳින්විය හැක. යම් කිසි කරුණක් පිළිබඳ තීරණ ගැනීමේදී ඉතා සාධාරණ ලෙස සලකා බලා තීරණයක් ගන්නා අයගේ මහපට ඇඟිල්‍ලේ දෙවන පුරුක අනික් පුරුක්වලට වඩා දික්ව පිහිටයි.
මාපට ඇඟිල්‍ලේ මැද පුරුක අගපුරුක හා සමානව දිග්ව, වටව උස්වී නම් ඉතා යහපත් ගුණයෙන් යුක්ත තර්ක විනිශ්චය කිරීමෙහි ඉතා දක්ෂ කෙනෙක් වෙයි. මෙම පුරුක වඩාත් මහත් වී නම් මෙකී ගුණ අධික වශයෙන් ගෙන දෙයි. මනාසේ දික්වීමද, කාමාධිකයෙන් බව පෙන්නුම් කරයි. ඉතා කුඩාවීම බුද්ධියෙන් හීනවන අතර සංසුන් ලීලාවෙන් ක්‍රියාකරන්නෙකු වේ. මෙම පුරුක වඩාත්ම දික්වී නම් නීති ශාස්ත්‍ර දැනගැනීම හා යහපත් බුද්ධියක් ඇතිවීම වන්නේය. එමෙන්ම මහපටැඟිල්‍ලේ උඩ කොටසට වඩා මැද කොටස සිහින්ව පිහිටියේ නම් දුක උරුමවන්නේය. මෙම කොටස කෙටිව ගණව පිහිටියේ නම් හිතුවක්කාර වේ. අයහපත් දේ කරන්නට පෙලඹේ. මහපටැඟිල්ල මධ්‍යම ප්‍රමාණයෙන් යුක්ත වූ විට ඉතා වීර්යවන්තව, රහසින් සතුරු අයට පහරදෙන්නෙක් වෙන අතර එම ඇඟිල්ල මනාසේ සම්පූර්ණව පිහිටියේ නම් ඉතා යහපත් කල්ක්‍රියාවෙන් යුතුව දිවි ගෙවන්නෙක් වේ. මහපටැඟිල්ල අධික ලෙස පිටි අතට නැවී ඇත්තේ නම් හේ අන් අය කෙරෙහි ප්‍රමාණයට වඩා අවිශ්වාස කිරීමෙන් තමන්ටම අයහපතක් කරගනී. ඔවුන් බොහෝ විට අන් අයගේ රැවටිලිවලට අසුවීමට ඉඩ ඇත.
මහපටැඟිල්ල මුදුනෙහි නිර්මාණය වී ඇති විවිධාකාර තුඩුවලින්ද මනුෂ්‍ය්‍යාගේ ගුණාංගයන් පිළිබඳ වෘද්ධිය හා හානිය පෙන්නුම් කෙරේ. ශෘංගාකාර තුඩක් ඇතිවිට ශීඝ්‍රව හැඟීම් පහල වීම, කලබලකාරී බව දූරදර්ශීව ක්‍රියානොකිරීම, අධිෂ්ඨාන ශන්තිය දුර්වල වීම ආදියට හේතුවේ.



පියතිලක ද අල්විස්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment