දෛවය 2016 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතාඉදිරිපත් කරයි.
දෛවය 2016
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !!!
දොළොස් මහක් ගෙවිලා නව දොළොස් මහක් ලබන්නාවූ මේ අවස්ථාවේ අතීතයේ සිදු වුනු සිදු වීම් අත්දැකීම් කොටගෙන උදා වන්නාවූ මේ 2016 නව වසර තීරණාත්මක වසරක්. ග්‍රහණ හතරක් ග්‍රහයුද්ධ 16 ක් සමග තමයි මේ වසර ඔබට උදා වෙන්නේ. ඉතින් ඒ අනුව උදා වුන 2016 නව වසර ඔබේ දෛවය කොයි විදිහට විසඳයිද කියල විමසලා බලන්නයි අපි සුදානම් වෙන්නේ.
මේෂ ලග්නය
රාශි චක්‍රයේ පළවෙනි රාශිය
වූ මේෂ ලග්නයෙන් උපන් ඔබට 2016 නව වසර කෙසේ බලපෑම් කරයිද? ග්‍රහ බල ශක්තිය අනුව බලද්දී
වසර පුරාවටම සෙනසුරු 8 වැන්නේ ගමන් කරන නිසා ඔන්න 2016 නව වසරේත් ලග්න අෂ්ටම
ඒරාශ්ටක අපලයක් මේෂ ලග්න හිමියන්ට උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි බ්‍රහස්පති අගෝස්තු මාසේ 11 වැනිදා 6 වැන්න වූ කන්‍යා රාශියට
පැමිණෙනවා. ආර්ථික අතින් ගත්කල මිශ්‍ර ඵල තමයි මේෂ ලග්න හිමියන්ට ගෙන දෙන්නේ.
ආදායම් ලැබීම වගේම වියදම් ඒ ආකාරයෙන්ම පවතිනවා. විටින් විට උස් පහත් වන ආකාර ඇති
කරන නිසාවෙන් විශේෂයෙන් ව්‍යාපාර ආශ්රිත කටයුතු කරද්දී ටිකක් කල්පනාකාරී වීම තමයි
වැදගත් වන්නේ. ඔන්න ස්වයන් රැකියා කරන අයට නව ධනෝපායන මාර්ග හෙළි පෙහෙළි වන වසරක්.
හැබැයි රැකී රක්ෂා මාරු කරන්න, වෙනත් රැකියාවක් ගැන හිතන්න
බලාපොරොත්තු වෙනවනම් මේ වසරේ දෙපාරක් නෙවෙයි ඊට වඩා වැඩි වාර ගණනක් හිතා බැලීම
තමයි මේෂ ලග්න හිමියන්ට වැදගත් වන්නේ. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත්කළ අනපේක්ෂිත කරදර
බාධා වෙන්න පුළුවන්. බොහෝ විට ස්වාධීන පවුල් ජීවිතයක් නොමැති වුවහොත් අන් අයට අවශ්‍ය
විදියට තමයි මේ වසරේ තමන්ගේ පවුල් ජීවිතය ගෙනියන්න සිද්ධ වෙන්නේ. රාහු පස් වැන්නට
ප්‍රවේශ වීම තුල දරු ඵල ආශ්‍රිතව යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම
දුවා දරුවන්ගේ සෞඛ්‍ය ආශ්‍රිතව යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය
තත්වයන් වෙනුවෙන් විය පැහැදම් කිරීමට සිදු වේ. අධ්‍යාපනය ලබන අතින් ගත්තොත්
විදේශගත අධ්‍යාපනයක් බලාපොරොත්තු වන ඔබට සුවිශේෂී වසරක් බවට පහසුවෙන් පත් කරගන්න
පුළුවන්. උදරාගත ආබාධ, වාත පිත වේදනා වැනි තත්වයන් ඇති කිරීමේ ඉඩකඩ වැඩියි.
එවැනි තත්වයන්ගෙන් පෙලුනානම් එම රෝග උත්සන්න කිරීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා
විශේෂයෙන්ම එවැනි සුළු තත්ත්වයන්හිදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතාමත්
වැදගත් වෙනවා. ජය වර්ණය නිල් ය. මාසයේ පළමුවන සෙනසුරාදත්, අවසාන සෙනසුරාදත් ඔබ අදහන
කුමන හෝ ශාස්තෘවරයෙකුට එළඟි තෙල් පහනක් දල්වා කටයුතු ආරම්භ කිරීමෙන් සුභදායී වසරක්
ලෙසින් නිම කිරීමේ ශක්තිය මේ වසරේදී ඔබට ලැබේ
වෘෂභ ලග්නය
2016 නව වසර වෘෂභ ලග්නයෙන් උපන් ඔබට
කොහොමද? 2016 නව වසර පුරාවටම යෝග කාරක සෙනසුරු 7 වැන්නේ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන්
කරනවා. ඒ නිසා විශේෂයෙන්ම සෙනසුරු 7 වැන්නේ දිග් බල වීම ඉතාම ශුභයි. බොහෝ විට තමන්ගේ කරන කටයුතු වල සාර්ථකත්වය
ඇති කරගන්න පුළුවන්. ජනවාරි 30 වැනිදා රාහු සිංහ රාශි ගත වන්නේ ඔබේ 4 වැන්නට. කේතුගේ මාරුව සිද්ධ වන්නේ 10 වැන්නට. ඒ වගේම තමයි අගෝස්තු මාසේ 11 වැනිදා 5 වැන්න වූ කන්‍යා රාශියට තමයි බ්‍රහස්පතිගේ මාරුව සිද්ධ වෙන්නේ.
ආර්ථික අතින් ගත්කල ආදායම් තත්වය වර්ධනය කරගැනීමට ඉතාමත් ශුභයි. පළමු මාස කිහිපය
තුල යම් යම් පීඩා කරදර ගෙන දුන්නත් වසර අවසානයේදී ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න
පූළුවන් වසරක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වැය පාර්ශවයන් ටිකක් අධික
වෙන්නේ වෘෂභ ලග්න හිමියන් දුර දිග නොහිතා කරන ආයෝජන, ගනුදෙනු නිසාවෙන්. ඒ නිසා ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු
කිරීම තමයි වැදගත් වෙන්නේ. විද්‍යා තාක්ෂණ සහ ලෝහ කර්මාන්ත ආශ්රිත ව්‍යාපාර ආදිය
කරන අයට මේ වසර ඉතාමත් යහපත් වෙනවා. ගෘහ ජීවිතය අතින් ගත් කල ජනවාරි 30 න් පසු රාහු 4 වැන්නේ ගමන් කිරීම, ස්ථාන මාරු, පදිංචිය වෙනස්
කිරීම වැනි තත්වයන් වලට වෘෂභ ලග්න හිමියන්ට හේතු වෙන්න පුළුවන්. ගේ දොර ඉඩකඩම් යාන
වාහන මිලට ගැනීමේදී ලියකියවිලි ආශ්‍රිතව නිවැරදිතාවය පිළිබඳව වැඩි අවධානය යොමු
කරන්න. මොකද නීති කරදර ඇති වන්නට පුළුවන්. දරු ඵල ආශ්‍රිතව තිබු යම් යම්
අහිතකරතාවයන් පහසුවෙන් මගහරවාගන්න පුළුවන්. ආගමික, පුරාවිද්‍යා වැනි ගවේශනාත්මක අධ්‍යාපන කටයුතු වල නිරත වන
ඔබට යහපත් ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා වලට ලක් වීමේ ඉඩකඩ තමයි
තිබෙන්නේ. ආහාර පාන ගනිද්දී කට ටිකක් පරිස්සම් කරගත්තොත් තිබෙන අවහිරතාවයන්
පහසුවෙන් මගහරවගන්න පුළුවන්. ඉතින් මේ වසර ජයග්‍රහණය සඳහා මාසයේ පළමුවන හෝ අවසාන
සිකුරාදා දිනවල කටයුතු ආරම්භ කරන්නට ප්‍රථම ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දීමෙන්
කටයුතු කලොත් අනිවාර්යෙන්ම මේ වසර සාර්ථක කරගන්න පුළුවන්.
« නැවත ප්‍රධාන පිටුවට
වෘෂභ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
වෘෂභ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
මිථුන ලග්නය
2016 අලුත් අවුරුද්ද පුරාවටම සෙනසුරු 5 වැන්න වූ විද්‍යාස්ථානය, එහෙම නැත්නම් පුර්ව පුණ්යස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම
තමයි රාහු ජනවාරි මස 30 වනදා
පැමිණෙන්නේ ඔබේ ලග්නයේ 3 වැන්නට. කේතු ලග්නයේ නව වැන්න වූ
පුණ්‍යස්ථානයට ප්‍රවේශ වන වසරක්. ග්‍රහ ලොව පුරෝහිත වන බ්‍රහස්පති ඔබේ හතර වැන්නට
ප්‍රවේශ වන වසරක්. ඉතින් මිථුන ලග්න හිමියන්ගේ ආර්ථික තත්වය දිහා බලද්දී අගෝස්තු
මාසය දක්වා යම් අයහපත් තත්වයක් ගෙන දෙන්න පුළුවන්. හැබයි ඉන් පසු මාස හතර ඔබ
බලාපොරොත්තු වුනු උසස් වීම් ඒ වගේම තමන් බලාපොරොත්තු වුනු ස්ථාන මාරු අනිවාර්යෙන්ම සාක්ෂාත් කරගැනීම
සිදු වෙනවා. යුතුකම් වගකීම්නම් ඉහටත් උඩින් එන වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ප්‍රිය
සම්භාෂණ උත්සව අවස්ථාවලට වැය පාර්ශවයෙන් මිථුන ලග්න හිමියන්ට මේ වසර තුල ඉහල ආකාරයෙන් තමයි බලපාන්නේ.
යුග ජීවිතයේ සතුට, සැනසීම
සහජීවනයට යහපත් උනත්, දරුඵල පිලිබඳ ව
බලාපොරොත්තු වලට ඔන්න යම් යම් ගටලුකාරි තත්වයන් ඇති කරන්න පුළුවන්. ප්‍රාථමික අධ්‍යාපනයේ
යහපත් ආකාරයක් ඇති කරත් උසස් අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමියන් වැඩි පරිස්සමින් සහ
වැඩි කල්පනාවෙන් බුද්ධියට තැන දී කටයුතු කිරීම වැදගත්. සෞඛ්‍ය අතින් ගත්කල වාත
වේදනා ස්නායු ආබාධ වැනි තත්වයන් ඇති කරන්න පුළුවන්. අත් පා ආශ්රිත හිරි වැටීමකදී
පවා ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් මේ වසරේ ජයග්‍රහණය පතා කටයුතු කරද්දී ඔබට
හැකියාවක් තිබේනම් මාසේ පළමුවන බදාදා දින ඝන දෙවියන්ට ඊ තණ මල් මාලාවක් පලඳලා වසරේ
කටයුතු පටන් ගන්න. ඒ වගේම පච්ච මැණිකක් පලඳපු මුද්දක් වම් අතේ මැදගිල්ලට පැලඳීමෙන්
අනිවාර්යෙන් මේ වසර ජයගන්න ඔබට පුළුවන්.
« නැවත ප්‍රධාන පිටුවට
මිථුන ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
මිථුන ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
කටක ලග්නය
2016 නව වසර කටක ලග්නයෙන් උපන් ඔබේ
ඉරණම විසඳෙන ආකාරය තමයි මේ. මේ වසර පුරාවටම සෙනසුරු ඔබේ 5 වැන්නේ තමයි ගමන් කරන්නේ. ඒ වගේම ජනවාරි මාසේ 30 වනදා රාහු පැමිණෙනවා ඔබගේ දෙවැන්න වූ ධනස්තානයට. කේතු
පැමිණෙන්නේ 08 වැන්න වූ
බාධකස්තානයට වගේම, යෝග කාරක බ්‍රහස්පති
අගෝස්තු මාසේ 11 වැනිදා දක්වා
ඉතා යහපත්. හැබැයි වසරේ අවසාන මාස හතර පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ නිසා කටක ලග්නයෙන් උපන් ඔබ පළමුවන
මාස 8 කැපවීමෙන්, බොහෝ අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කර අත මිට සරු කරගත්තොත්, කිසිම ග්රහයෙකුට ඔබේ ආර්ථිකයට නං බලපෑම් කරන්න නං බැරි
වෙයි. මේ වසරේ විශේෂයෙන්ම කටක ලග්න හිමියන් මතක තබා ගන්න උගත් කමට වඩා
පළපුරුද්දෙන් තමයි ඔබට ආදායමක් උපයන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රැකී රක්ෂා
බලාපොරොත්තු වන අයට, රැකියාවල
දියුණුව බලාපොරොත්තු වන අයට සියලුම ග්‍රහයෝ අනිවාර්යෙන්ම උදවු කරන බව අමතක කරන්න එපා. ගෘහ ජීවිතය
අතින් ගත කල වසරේ මුල් කාලය ඉඩකඩම් ආදායම් තුලින් ඉහල ආයෝජන කටයුතු කරන්න ශක්තිය ඔබට ලැබෙනවා. පොළොවෙන් ලැබෙන සම්පත්තීන්
වලට සුභයි. ඔබ මැණික් ආශ්රිත කර්මාන්තයක නියැලෙන්නෙක්නම් මේ වසරේ ඔබේ ජයග්‍රහණය
අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන් පදිංචි ස්ථාන පිලිබඳ
වැඩි සැලකිල්ලක් දක්වන්න. බොහෝ විට අවට පරිසරය තුලින් යෙදෙන්නා වූ අහිතකරතා ඔබේ
කටයුතු වලට බාධා ගෙන දෙන්න පුළුවන්. විශේෂයෙන් නිරිත දිශාව අපිරිසිදු කරන්න
හිතන්නවත් එපා. අධ්‍යාපන කටයුතු අතින් ගත් කල, න්‍යායාත්මක
කටයුතු වලට යම් යම් බාධා කටයුතු තිබුනත් ප්‍රායෝගික කටයුතු වලටනම් ඉතා ඉහල ජයග්‍රහණ
පහසුවෙන් අත් කරගන්න පුළුවන්. ඔබ ක්‍රීඩා කටයුතු වලට දක්ෂ කෙනෙක්නම් මේ වසරේ ඔබේ
නාමය ඉහලින් වැජඹෙන වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. දත් හා කන් ආශ්රිත ආබාධ වලට
ලක් වීමේ ඉඩකඩ ටිකක් බහුල කරන නිසාවෙන් ඉතා සුළු අසනීප තත්වයකදී පවා වෛද්‍ය ප්‍රතිකාර
ලබා ගැනීම වැදගත්. මේ වසර තුල ඔබේ ජයග්‍රාහී වර්ණය වන්නේ සුදු හා ක්‍රීම් වර්ණයයි.
ඒ වගේම තමයි ජයග්‍රහණය පතා කටයුතු කරද්දී මුතු කැටයක් ඔබට පළඳින්න හැකිනම් ඒ වගේම
මාසේ පළමුවන සඳුදා දින මෙහෙණින් වහන්සේ නමකට හෝ කන්‍යා සොහොයුරියකට, කොට්ටයක්, කුඩයක් පූජා කිරීමට හැකිනම් කටක ලග්නයෙන් උපන් ඔබේ බලාපොරොත්තු ඒ
ආකාරයෙන්ම ඉටු වේවි.
« නැවත ප්‍රධාන පිටුවට
කටක ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
සිංහ ලග්නයෙන් උපන් ඔබට 2016 අවුරුද්ද කොහොම වෙයිද? ඉතින් සිංහ
ලග්නයෙන් උපන් ඔබේ සෙනසුරු මේ වසර පුරාවටම ගමන් කරන්නේ 4 වැන්නේ. ඒ වගේම ජනවාරි මාසේ 30 වැනිදා රාහු ලග්නගත වේ. කේතු පැමිණෙන්නේ ඔබේ ලග්නයේ 7 වැන්නටයි. ඉතින් මේ ග්‍රහ මාරු වීම් සමගම විශේෂයෙන්
සිංහ ලග්න හිමියන් ආර්ථික තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. අගෝස්තු මස
11 න් පසු කාලය විශේෂයෙන් යහපත්
ආර්ථික රටාවක් නිර්මාණය වන නමුත් ඔබ අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමන්ගේම ස්වාධීන කටයුතු වලින්
ජයග්‍රහණය ඒකාන්තයෙන්ම ලඟා කරගන්න පුළුවන්. තමන්ගේම ව්‍යාපාර ආදිය ආරම්භ කරන්න
සිටින සිංහ ලග්න හිමියන්ට අනිවාර්යෙන්ම සුභ ඵල භුක්ති වින්දීමේ ඉඩකඩ ලැබෙනවා. රැකී
රක්ෂා ආශ්‍රිතව තිබුණා වූ කරදර බාධාවන් පහසුවෙන් මෙල්ල කරගන්න මේ ග්‍රහ මාරු
කිහිපය සිංහ ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ඉවසීම කියන දේ ප්‍රගුණ කරන්න අමතක කරන්න එපා. ආවේගශීලී ගති
ලක්ෂණ මතු කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීම, උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට පවුලේ අයට පවුලේ සතුටින් විසීමට කටයුතු යෙදෙනවා. ඒ
නිසා ඉවසලා ඉවසලා බැරිම තැන එතැනයි ඉවසිය යුතුම තැන කියන පාඨය දවස ගානේ ප්‍රගුණ
කරන තරමට සිංහ ලග්න හිමියන්ගේ ජයග්‍රහණය ලඟා කරගන්න පුළුවන්. ගණිතය, තාක්ෂනය වැනි අංශ වල අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ට
උදා වන වසර වාසනාවන්ත වසරක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා
වලට ලක් වීමේ ඉඩ කඩ තියෙනවා. ඔන්න ආහාර පාන ආදිය පාලනයෙන් යුතුව ගැනීම තමයි වඩාත්ම වැදගත්
වන්නේ. මේ වසරේ ජයග්‍රහණය සනිටුහන් කරගන්න මාසයේ පළමුවන ඉරු දිනකම ඔබේ උසට සුදු
මල් මාලවක් අමුණලා නිල් මල් හත ගානේ මුලට සහ අගට එකතු කරලා ඒ මල් මාලාව බෝධීන් වහන්සේගේ නැගෙනහිර
කෙලවරේ එල්ලා මුලු වසරම ජයග්‍රහණය සඳහා ආශිර්වාද ලබා ගන්න. එවිට ඔබට ජය සහිත වසරක්
බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්.
« නැවත ප්‍රධාන පිටුවට
සිංහ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
කටක ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබට 2016 අවුරුද්ද කොහොම වෙයිද? ඉතින් සිංහ
ලග්නයෙන් උපන් ඔබේ සෙනසුරු මේ වසර පුරාවටම ගමන් කරන්නේ 4 වැන්නේ. ඒ වගේම ජනවාරි මාසේ 30 වැනිදා රාහු ලග්නගත වේ. කේතු පැමිණෙන්නේ ඔබේ ලග්නයේ 7 වැන්නටයි. ඉතින් මේ ග්‍රහ මාරු වීම් සමගම විශේෂයෙන්
සිංහ ලග්න හිමියන් ආර්ථික තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. අගෝස්තු මස
11 න් පසු කාලය විශේෂයෙන් යහපත්
ආර්ථික රටාවක් නිර්මාණය වන නමුත් ඔබ අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමන්ගේම ස්වාධීන කටයුතු වලින්
ජයග්‍රහණය ඒකාන්තයෙන්ම ලඟා කරගන්න පුළුවන්. තමන්ගේම ව්‍යාපාර ආදිය ආරම්භ කරන්න
සිටින සිංහ ලග්න හිමියන්ට අනිවාර්යෙන්ම සුභ ඵල භුක්ති වින්දීමේ ඉඩකඩ ලැබෙනවා. රැකී
රක්ෂා ආශ්‍රිතව තිබුණා වූ කරදර බාධාවන් පහසුවෙන් මෙල්ල කරගන්න මේ ග්‍රහ මාරු
කිහිපය සිංහ ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ඉවසීම කියන දේ ප්‍රගුණ කරන්න අමතක කරන්න එපා. ආවේගශීලී ගති
ලක්ෂණ මතු කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීම, උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට පවුලේ අයට පවුලේ සතුටින් විසීමට කටයුතු යෙදෙනවා. ඒ
නිසා ඉවසලා ඉවසලා බැරිම තැන එතැනයි ඉවසිය යුතුම තැන කියන පාඨය දවස ගානේ ප්‍රගුණ
කරන තරමට සිංහ ලග්න හිමියන්ගේ ජයග්‍රහණය ලඟා කරගන්න පුළුවන්. ගණිතය, තාක්ෂනය වැනි අංශ වල අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ට
උදා වන වසර වාසනාවන්ත වසරක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා
වලට ලක් වීමේ ඉඩ කඩ තියෙනවා. ඔන්න ආහාර පාන ආදිය පාලනයෙන් යුතුව ගැනීම තමයි වඩාත්ම වැදගත්
වන්නේ. මේ වසරේ ජයග්‍රහණය සනිටුහන් කරගන්න මාසයේ පළමුවන ඉරු දිනකම ඔබේ උසට සුදු
මල් මාලවක් අමුණලා නිල් මල් හත ගානේ මුලට සහ අගට එකතු කරලා ඒ මල් මාලාව බෝධීන් වහන්සේගේ නැගෙනහිර
කෙලවරේ එල්ලා මුලු වසරම ජයග්‍රහණය සඳහා ආශිර්වාද ලබා ගන්න. එවිට ඔබට ජය සහිත වසරක්
බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්.« නැවත ප්‍රධාන පිටුවට
සිංහ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2016 අවුරුද්ද කොහොමද? කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු මේ වසර පුරාවටම තුන් වැන්නේ වූ වික්රමස්තාන
ගතවයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ජනවාරි මාසේ 30 වැනිදා රාහු දෙවැන්න වූ ධනස්තානයට පැමිණෙනවා. විශේෂයෙන් කන්‍යා ලග්න
හිමියන්ට ඔන්න තීරණාත්මක වසරක් ලෙසින් මේ 2016වසර හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරට වඩා යහපත් ආර්ථික තත්වයක්
පවත්වාගෙන ශක්තිය ලැබෙනවා. හැබැයි අමතක
කරන්න එපා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කුමන රාජ යෝගයක් යෙදී තිබුනත් අභියෝග වලට මුහුණ දෙන වසරක්
ලෙසින් තමයි 2016 වසර යෙදෙන්නේ.
ඒ නිසා විශේෂයෙන්ම තමන්ට මේ වසර තුල සුළු සුළු දේවල් සොයා බැලීම අනිවාර්යෙන් ප්‍රගුණ
කරගැනීම තමයි වැදගත් වෙන්නේ. එතුලින් තමයි ඔබේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන්න
පුළුවන් කම ලැබෙන්නේ. බොහෝ විට තමන්ට යන්න තියෙන අමාරුම පාර තමයි තමන්ට පහසුම මාර්ගය කරගන්න
කන්‍යා ලග්න හිමියන්ට සිද්ධ වෙන්නේ. යුග දිවිය ආශ්‍රිතව ගත කල විවාහ ආදී කටයුතු ප්‍රමාද වුනු ඔබට
අනිවාර්යෙන්ම එම කටයුතු ස්ථිර වන වසරක් ලෙසින් 2016 හඳුන්වන්න පුළුවන්. උරුමකම්
පිලිබඳ යම්කිසි දුර්වලතාවයක් තිබුනානම් මේ වසරේ ඒ ගැටළු නිරාකරණය වේ. විදේශගත වීම්
ගැන බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට, උසස් අධ්‍යාපන බලාපොරොත්තු ඇති කන්‍යා ලග්න හිමියන්ට
අනිවාර්යයෙන් ඒවා ඉෂ්ට කරගන්න ශක්තිය ලැබෙනවා. උදරාගත ආබාධ, ආහාර දිරවීමේ දුර්වලතාවන් වලට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ
පිළිබඳව සිතා බලා කටයුතු කරන්න. මේ වසරේ අවහිරතා ජයගැනීමටනම් සෑම මසකම පළමුවන බදාදාට
තමන්ගේ ප්‍රදේශයේ පහසුකම් අවම දරුවකුට හෝ අධ්‍යාපනය ලබන සාමනේර භික්ෂුවකට පොතක්
පතක්, රස කැවිලි කිහිපයක් දැන් දෙන්න
හැකිනම් තිබෙන අභියෝග පහසුවෙන් ජයගෙන 2016 වසර සාර්ථක කරගන්න පුළුවන්.
« නැවත ප්‍රධාන පිටුවට
කන්‍යා ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
කන්‍යා ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
තලා ලග්නය
2016 අවුරුද්ද තුලා ලග්නය ට කොහොමද? මේ නව වසරේත් සෙනසුරු ලග්න එරාෂ්ටක තත්වයෙන් එක් වසරක්
නිම කරගන්න තුලා ලග්න හිමියන්ට හැකි වේ. සෙනසුරු 2 වැන්නේ ගමන් කරන නිසා ජනවාරි මාසේ 30 වනදා රාහු ඔබේ 11 වැන්නේ අයස්ථානයට පැමිණෙද්දී කේතු පැමිණෙන්නේ විද්‍යාස්ථානය වූ 5 වැන්නටත් බ්‍රහස්පති 12 වැන්න වූ වැයස්තානයටත් ය. තුලා ලග්න හිමියන්ට 2016 අලුත් අවුරුද්ද විශේෂයෙන්ම ධනය
ලැබීම් මාර්ග ඉතාමත් ශුභ වුනත් ඒවා රඳවාගැනීමේ දුර්වලතාවන්ට ලක්වීමේ ඉඩකඩ වැඩියි.
මන්ද? ඔබේ පාලනයෙන් තොර වූ වියදම් ප්‍රමාණය
ටිකක් ඉහල මට්ටමක යි පවතින්නේ. බාහිර අලංකාරය වෙනුවෙන් වෙනදට වඩා වැය පාර්ශවය
ටිකක් බහුල කරයි. අන් අයගේ ආකර්ෂණය දිනාගන්න තුලා ලග්නයෙන් උපන් ඔබ උත්සාහවන්ත වන
වසරක් වේවි. හැබැයි මුල්‍ය කළමනාකාරිත්වයෙන් යුතුව වසරේ කටයුතු කලොත් ආර්ථික
දියුණුව ඔබට ලඟා කරගන්න හැකියි. ගෘහ ජීවිතය අතින් ගත කල බොහෝ විට කලකිරීම්
පසුතැවීම් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. අන් අයට කොතරම් හොඳ කලත් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර
නොලැබීම තුල මානසික වශයෙන් පීඩා කරදර ගෙන දෙනවා. අධ්‍යාපන අංශ වල නිරත වන තුලා
ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. කතාවේ බලයෙන් ජය අත් කරගනියි. ඔබ නීතිය හදාරන
කෙනෙක්නම් ඔබේ කීර්තිය වගේම ජයග්‍රහණය සනිටුහන් කරගන්න පුළුවන් වසරක් තමයි මේ වසර.
සෙනසුරුගේ ඒරාෂ්ටකයේ අවසාන වසර කිහිපය පසු කිරීම නිසාවෙන් වම් අත සහ වම් පාදය ප්‍රවේසම්
කරගත යුතුයි. එවිට සියලු බාධා මගහැරේ. මේ වසර ජයගන්නටනම් තුලා ලග්න හිමි ඔබ ගිලන්ව
ඇති භික්ෂුවකට හෝ පුජ්‍ය පක්ෂයේ කෙනෙකුට මාසයේ සෑම පළමුවන සෙනසුරාදාවකම තමන්ට හැකි
විදියට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක්, ආහාර ද්‍රව්‍ය ස්වල්පයක් දෙන්නට පුලුවන්නම් තිබෙන බාධක පහසුවෙන්ම
ජයගන්න පුළුවන්.
« නැවත ප්‍රධාන පිටුවට
තලා ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
තලා ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
වෘශ්චික ලග්නය
2016 අලුත් අවුරුද්ද ඔබට කොහොමද? සෙනසුරු ලග්න එරාෂ්ටකයේ ප්රබලතම අවධියක් ගත කරන්නට
සිද්ධ වනවා. එමෙන්ම ජනවාරි 30 වනදා සිංහ රාශියට කේතුගේ කුම්භ රාශිය ගත වීමෙන් වගේම බ්‍රහස්පති
අගෝස්තු 11 වැනිදා 11 වැන්නවු අයස්ථානයට පැමිණීම ඉතාමත් යහපත්. වසරේ මුල් මාස කිහිපය තුල සාමාන්‍ය
මට්ටමේ ආර්ථික රටාවක් තමයි නිර්මාණය වන්නේ. බොහෝ විට මහන්සියේ තරමට ප්‍රතිපල
නොලැබෙන ආකාරයක කනස්සලු ගතියක් ඇති කරන්නට පුළුවන්. හැබැයි ඔබ වසරේ මුල සැලසුම්
කරගන්නාවූ මුල්‍යමය ඉලක්ක වසර අවසානයේදී සනිටුහන් කරගන්න බ්‍රහස්පතිගේ අගෝස්තු 11 වනදා සිදු වන ග්‍රහමාරුවෙන් ඔබට මනාව හැකි වේවි. අවසාන
මාස 4 ආර්ථික දියුණුව ලඟා කරගන්න
ඉතාමත් ශුභයි. ගෘහ ජීවිතය අතින් ගත්කල බොහෝ විට වෙනදාට වඩා ආවේගශීලී ගති ලක්ෂණ මතු
කරන ආකාර තමයි තිබෙන්නේ. පවුලේ අය සමග සිටීමේ කටයුතු තරමක හීන කරන තත්වයන් ඇති
කරන්න පුළුවන්. දුර බැහැර ගමන් බිමන් වගේම රැකී රක්ෂා ආශ්‍රිතව දුර බැහැර ස්ථාන
මාරු වීම් වලට වෘශ්චික ලග්න හිමි ඔබට මේ වසරේ උරුමකම් තිබෙනවා. ප්‍රථමික අධ්‍යාපනය
ලබන ඔබට යම් යම් පීඩා කරදර ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම සෙම් රෝග පීඩාවන්
උත්සන්න කිරීමෙන් උසස් අධ්‍යාපනය ලබන දුවා පුතුන්ට මේ වසරේ ජයගන්න ඉතාමත් ශුභ ග්‍රහ සිත්තමක්
තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම සෙම් රෝග පීඩා වලින් පරිස්සම් වීම
වැදගත්. ජලයෙන් විපත් සිදු වීමේ ඉඩකඩ වැඩියි. ගංගා, ඇළ දොළ ආශ්‍රිතව ස්නානය කිරීම වගේම අවේලාවේ ස්නානය කිරීම
නම් මේ වසර තුල හිතන්නවත් එපා. මේ වසරේ තිබෙන අභියෝග ජයගැනීමටනම් සෑම සෙනසුරාදා
දිනකම ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ උදෑසන 6.50 ට ප්‍රථම කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ස්වල්පයක් දී වැඩ කටයුතු
අරඹන්න. එවිට අඟහරුගෙන් වගේම සෙනසුරුගෙන්ද ආශිර්වාදය ලැබේ.
« නැවත ප්‍රධාන පිටුවට
වෘශ්චික ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
වෘශ්චික ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
ධනු ලග්නය
ඔබට මේ වසර කොහොමද? ධනු ලග්නයෙන් උපන් ඔබටත් 2014 නොවැම්බර් 2න් පසු එළඹුනා වූ ලග්න ඒරාෂ්ටකය තවමත් පවතින බව අමතක
නොකරන්න. ඒ වගේම රාහු ජනවාරි මාසේ 30 වනදා සිංහ රාශියට ප්‍රවේශ වෙද්දී කේතු පැමිණෙන්නේ කුම්භ රාශියටයි. ඒ
වගේම බ්‍රහස්පති අගෝස්තු මාසේ 11 වනදා 10 වැන්න වූ කන්‍යා
රාශියට පැමිණෙනවා. විශේෂයෙන්ම ඔබට 2016 ජනවාරි 30 වනදා දක්වා
කාලය තුල ආර්ථික දියුණුව ලඟා කරගන්න පහසුයි. හැබැයි ඉන් පසු කාලයේනම් විශේෂිත වූ
සැලසුමකට අනුව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. බොහෝ විට වැය පාර්ශවයන් ඉතාමත්
ඉහල මට්ටමක පවතින නිසාවෙන් තැන්පත් ධනය වැය වීම් වැඩි කරන්න පුළුවන්. රැවටීම් ,මුලාවීම් වලට පහසුවෙන් ලක් විය හැකියි. මේ වසරේ ආයෝජන
කටයුතු ,හවුල් ව්‍යාපාර කටයුතු වගේම ණය
මුදල් දීමේදී, සහ ගැනීමේදී
කිහිප වතාවක් සිතා බැලීම ඉතාමත් වැදගත්. ධනු ලග්න හිමියන්ට යුග ජීවිතය ආශ්‍රිතව
වෙනදාට වඩා කුසීත ගති ලක්ෂණ ඇති කිරීමේ ඉඩකඩ තිබෙනවා. බලාපොරොත්තු ඇතත් ඒවා ක්‍රියාවට
නංවන්න ඔබ තුල මන්දගාමී ස්වභාවයක් ඇති කරනවා. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ
විශේෂයෙන්ම තමන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කරගැනීමයි. පිය පාර්ශවීය අසනීප
තත්වයන් වෙනුවෙන් වැඩි පුර කාලය ශ්‍රමය ධනය වැය කරන්නට සිද්ධ වෙනවා. පදිංචි ස්ථානය
ආශ්‍රිතව ඊසාන දිශාව දුර්වලනම් ඔබට ඉතාමත් අහිතකරතා ගෙන දේවි. රවිගේ බුධගේ මහා
දශාව අතුරු දශාව ගත කරන උදවිය ටිකක් කල්පනාකාරී වෙන්න. මන්ද සෞඛ්‍ය පීඩා තත්වයන්
ඉහල මට්ටමකට ගෙන දෙන නිසා. අත් පා ආශ්රිත හිරිවැටීම්, වාත වේදනා වලට ලක් විය හැකියි. ඒ පිලිබඳ සිතා බලා කටයුතු
කිරීම වැදගත්. ඔබට මේ වසර ජයග්‍රහණය කරා යන්නනම් සෑම මසකම පුරපසළොස්වක පෝය දින වල
සිල් සමාදන් වන උපාසක උදවියට කොළ කැඳ ස්වල්පයක් දන් දෙන්න. එවිට සියලු බාධක මගහැරී
ජයග්‍රාහී ලෙස වසර නිම කිරීමට ධනු ලග්න හිමි ඔබට හැකි වනු නොඅනුමානයි.
මකර ලග්නය
රාශි චක්‍රයේ 10 වැනි රාශිය වූ මකර ලග්නයෙන් උපන් ඔබට 2016 කොහොමද? ලග්නාධිපති සෙනසුරු මේ වසර පුරාවටම ගමන් කරන්නේ අයස්ථානය
වූ 11 වැන්නේ. ජනවාරි මස 30 වනදා රාහු සිංහ රාශියට පැමිණෙද්දී කේතු කුම්භ රාශි ගත
වනවා. ඒ වගේම මෙතුවක් කල් 8 වන්නේ ගමන් කරපු බ්‍රහස්පති
අගෝස්තු මාසේ 11 වැනිදා පුණ්යස්තාන
ගත වනවා. මකර ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද ඇත කරගන්න හැකි වසරකි. කරන කියන
කටයුතු වගේම, කරන්න
බලාපොරොත්තුවන කටයුතු වලින් අති සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි
විශේෂයෙන්ම තමන්ගේ ආයෝජන කටයුතු, තමන් කරන කටයුතු වලට අමතරව වෙනත් ආදායම් මාර්ග හෙළි පෙහෙළි වන වසරක්
ලෙසින් 2016 හඳුන්වන්න පුළුවන්. බොහෝ විට තමාගේ උදවුවට උපකාරයට සිටින අය
දුරස් වීමේ ස්වභාවයක් ගෙන දෙන්න පුළුවන්. ආවේගශීලී කතා බහ නිසාවෙන් කට පරිස්සම්
කරගත්තොත් මේ වසර ඔබට සුවිශේෂී වරප්‍රසාද ලඟා කරගන්න පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත
කල පවුලේ සමගිය,සහජීවනය වර්ධනය වන වසරක්. අලුත්
අමුත්තන්, එකතු වන වසරක්.
නෑදෑ සම්බන්දකම් වගේම දුර බැහැර සිටින පිරිස් පවා තමාගේ ඇසුරට පත් වන වසරක්. ලේ
විෂ වීම්, විෂබීජ ශරීරගත
වීම වැනි තත්වයන්ට හේතු වේ. සුරතල් සතුන්ගෙන් ටිකක් පරිස්සම් වුවහොත් සියලු අවහිර
ඔබට මගහරවාගන්නට පුළුවන්. රූපලාවන්‍ය හදාරන ඔබට මේ වසරේ ඔබේ ජයග්‍රහණ ඉහල මට්ටමකට
ගෙන එනවා. විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාද ලබාගෙන මේ වසරේ කටයුතු දියත් කලොත් මකර
ලග්නයේ උපන් ඔබෙ ජයග්‍රහණය වලක්වන්නට කාටවත් බැරි වේවි.
« නැවත ප්‍රධාන පිටුවට
මකර ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
මකර ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
කුම්භ ලග්නය
2016 නව වසර කුම්භ ලග්නයෙන් උපන් ඔබට
කොහොමද? ඔබේ ලග්නාධිපති සෙනසුරු වසර
පුරාවටම ගමන් කරන්නේ දහවැන්නේ. ජනවාරි මාසේ 30 වනදා රාහු පැමිණෙන්නේ ඔබේ 7 වැන්නටයි. ඒ වගේම කේතු ලග්නයට පැමිණෙන වසරක්. එය කිසිසේත් අමතක
කරන්න එපා. බ්‍රහස්පති අගෝස්තු මාසයේ 11 වැනිදායින් පසු 8 වන්න වූ කන්‍යා රාශියට ප්‍රවේශ වන වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.
ඔන්න කුම්භ ලග්න හිමියන්ට සුවිශේෂී අත්දැකීම් සමුදායක් උරුම කරලා දෙන්න මේ වසර
සුදානම්. අගෝස්තු මාසයේ 11 වෙනිදා කාලය
ඔබට ආර්ථික දියුණුව ඇති වන වසරක්. හැබැයි එම දිනයෙන් පසු කාලය අනපේක්ෂිත වැය
පාර්ශවය වැඩි කරන්නට පුළුවන්. නීති කරදර ලක්වීමේ ඉඩකඩ ඇත. ඇප ආදිය අත්සන් කරන විට
සිය පාරක් සිතා බලන්න අමතක කරන්න එපා. ගේ දොර පදිංචි ස්ථාන යම් යම් වෙනස් වීම් ඇති
කරන්න පුළුවන්. මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදී වැඩි පරිස්සම වැදගත්. මොකද
අනපේක්ෂිත වූ වියපැහැදම් වලට තමයි නව වසර කුම්භ ලග්න හිමියන්ට ලියවී තිබෙන්නේ.
නිසි මුල්‍ය කළමනාකාරිත්වයෙන් යුතුව තිබෙන කරදර ජයගෙන ඔබට ඉහලට යාමේ ශක්තිය
ලැබෙනවා. පවුල් ජීවිතය ආශ්‍රිතව කියනවනම් පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් මේ
වසරේ වැඩි කාලයක් වෙන් කරන්නට සිද්ධ වෙනවා. උස ස්ථාන වලට යාමේදී කල්පනාකාරී
නොවුනොත් කියූ අනාවැකිය වසර මුලදීම සිදු වීමට ඉඩ ඇත. මේ වසරේ ජයග්‍රහණය පතා කටයුතු
කරද්දී සෑම සෙනසුරාද දිනකම එළඟි තෙල් මිශ්‍ර පහන් නවයක් මත තබා තමන් අදහන කුමන හෝ
ශාස්තෘවරයෙකු වෙනුවෙන් දල්වා කටයුතු කලොත් ඔබේ ජයග්‍රහණය වලක්වන්නට කාටවත්ම බැරි
වේවි.
« නැවත ප්‍රධාන පිටුවට
කුම්භ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
කුම්භ ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
මීන ලග්නය
අවසාන ලග්නය වූ මීන ලග්නයෙන් උපන් ඔබට 2016 වසර කොහොමද? මීන ලග්නයෙන් උපන් ඔබට වසර පුරාවටම සෙනසුරු ගමන් කරන්නේ
පුණ්යස්තානය වූ නව වැන්නෙයි. ජනවාරි මාසයේ 30 වැනිදා රාහු සිංහ රාශියට පැමිණීම සිදු වේ. කුම්භ රාශියට කේතු සම්ප්‍රාප්ත
වී ඇත. අගෝස්තු මස 11 වන දා මීන
ලග්න හිමියන්ගේ 7 වැන්නට ලග්නාධිපති බ්‍රහස්පති ප්‍රවිෂ්ට
වේ. බොහෝ විට වසරේ මුල සහ අග ආර්ථික තත්වයේ උස් පහත් වීම් සිදු වේ. ලැබීම් සඳහා යහපත්
නමුත් අපේක්ෂා කරන වෙලාවට ලැබීම් නැත. ඒ හේතුවෙන් අපේක්ෂා භංග වීම් සිදු විය හැක.
වසරේ ජලාශ්‍රිත ව්‍යාපාර හෝ ආහාර ආශ්රිත ව්‍යාපාර කරන අයටනම් අනිවාර්යෙන්ම ජයග්‍රහණ
අත් වේ. එමෙන්ම ඔබ පවුලේ කටයුතු කරන විට දුවා දරුවන් පිළිබඳව තීන්දු තීරණ ගන්නා
විට වගේම ඔබ ව්‍යාපාරයක් කරනවානම් සේවක සේවිකාවන් පිළිබඳව තීන්දු තීරණ ගන්නා විටත්
වැඩි වාර ගණනක් සිතා එය සිදු කිරීමට වග බලාගන්න. අමතක කරන්නට එපා. මේ වසර තුල තමා
සන්තකයේ ඇති ද්‍රව්‍ය විනාශ වී යාමට ඉඩ ඇත. ඇඟිලි ආශ්රිත ව කරදර බාධක ඇති නිසා
යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිතව කටයුතු කරද්දී සැලකිලිමත් වන්න. වසරේ ජයග්‍රහණය වෙනුවෙන්
සෑම මසකම පළමු වන අඟහරුවාදා දින ඔබේ නිවසේ නිරිත දිශාවේ පක්ෂීන්ට ධාන්‍ය වර්ගයක් දන් දෙන්න.
ඔබ සැම දෙනාගේම යහපත් වූ
බලාපොරොත්තු ඉෂ්ට වීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වගේම විශ්වයේ තිබෙන්නාවූ ආශිර්වාදය ඒ
ආකාරයෙන්ම ලැබෙන්න කියලා දෛවය 2016 තුලින් ප්‍රාර්ථනා කරනවා.
24Gossip.News

































0 comments:
Post a Comment