දෛවය 2016
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී, දේශබන්ධු දේශකීර්ති
කැළුම් ගුණතිලක මහතා
ඉදිරිපත් කරයි.
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට !!!
ලැබුවාවූ 2016 නව වසර වෙනස්ම ආකාරයක වසරකි. මේ
වසරේ සූර්යග්‍රහණ දෙකක් සිදුවේ. එමෙන්ම ග්‍රහ යුද්ධ 15ක් මුණ ගැසේ. ප්‍රධාන ග්‍රහ මාරු තුනකි. මෙම ග්‍රහ
තත්ත්වය මත ඔබේ සිතුවිලි ව්‍යාකුල විය හැකිය. විටෙක ඔබේ සිතුවිලි ප්‍රචණ්ඩකාරී හා
අරගලකාරී විය හැකිය. එනිසා ඔබේ සිතුවිලි ක්‍රියාත්මක කිරීමේදී හදවතට වඩා බුද්ධියට
ඉඩ දිය යුතු වසරකි.
« නැවත ප්‍රධාන පිටුවට
මේෂ ලග්නය
වර්ෂය ආරම්භයේදීම සෙනසුරු වෘශ්චික රාශියේ එසේත් නැත්නම්
ඔබේ 8 වැන්නේ ලග්න අෂ්ඨම එරාෂ්ඨකයක්
සහිතව පවතී. ඒවගේම රාහු සහ කේතු ග්‍රහයෝ ජනවාරි 30 වැනිදා සිංහ රාශියට වගේම කුම්භ රාශියට මාරුවෙයි. ග්‍රහ
ලොවේ නුවනක්කාරයා වන බ්‍රහස්පති අගෝස්තු මාසයේ 11 වැනිදා සිංහ රාශියෙන් කන්‍යා රාශියට ප්‍රවිෂ්ඨ වෙයි. මේ
සියල්ලම සමග මේෂ ලග්න හිමි ඔබ 2016 වසරේදී තරමක් කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන් ඔබ වසර මුල සිටම
සන්සුන් මනසින් යුතුව කටයුතු කල යුතුයි. එසේ නොවුනහොත් රැකියා කටයුතු වලදී මෙන්ම
සමාජීය කටයුතු වලදී අපේක්ෂා නොකළ අන්දමේ අවහිර බාධක මතුවිය හැකියි. විශේෂයෙන් ඔබ
රැකියාව කරන ස්ථානයේ ඔබට සමාන තනතුරු දරන අයගෙන් මෙන්ම ආයතන ප්‍රධානීන්ගෙන් අවහිර
බාධා එලාවිය හැකියි. එනිසා ඔබ රැකියා ස්ථානයේ බොහොම නම්‍යශීලීව මෙන්ම ඉවසීමෙන්
කටයුතු කල යුතුයි. විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නේ නම් මේ වසරේ අගෝස්තු මාසයෙන්
පසු එය ඉටු කරගත හැකියි. අනවශ්‍ය වියදම් අධික වසරකි. එනිසා ආර්ථික මට්ටම සම මට්ටමේ
පවත්වා ගැනීමට උත්සාහ කල යුතුයි. පදිංචිය හා භුමිය පිළිබද ගැටලුකාරී ස්වාභාවයක්
ඇතිවීමට ඉඩ ඇත. නීතිමය ගැටළු පවතී නම් බොහෝ සේ ප්‍රවේශම් වෙන්න. සොරසතුරු පීඩා
මෙන්ම චිත්ත පීඩා මේ වසර පුරාම ඇතිවේ. විවාහය පිළිබද උනන්දුව තරමක් හීන වේ. උසස්
අධ්‍යාපනයට සම්බන්ධ අයට තරග විභාග ආදියෙන් අපේක්ෂිත ප්‍රතිඵල හිමි නොවීමට ඇති ඉඩ
කඩ වැඩියි. එමෙන්ම හදවත් ආශ්රිත රෝග, සෙම්රෝග, ස්නායු සම්බන්ධ
රෝග, වැටීම් තැලීම් වලින් ඔබට මේ වසර
පුරාම පීඩා ඇතිවිය හැකියි. ජයග්රාහි වර්ණය රතු හා නිල්. සෑම මාසික පෝයකටම කලින්
ඇති සෙනසුරාදා දින ඔබේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙනුවෙන් නිල්මල් වට්ටියක්, එළගිතෙල් පහනක් පූජා කරන්න එවිට ඔබේ මේ වර්ෂය යහපත්
ධනවත් සැපවත් වර්ෂයක් කරගැනීමට හැකියාව පවතියි.
වෘෂභ ලග්නය
වර්ෂය ආරම්භයේදී වෘෂභ ලග්නාධිපති ඔබගේ නව වැන්නාධිපති හා දහ වැන්නාධිපති
සෙනසුරු වසර පුරාම හත් වැන්නේ ගමන් කරයි. ග්‍රහ ලෝකයේ රස්තියාදුකාර ග්‍රහයා වන
රාහු කන්‍යා රාශියෙන් සිංහ රාශියට පැමිණේ. අගෝස්තු 11 කන්‍යා රාශියේ තැන්පත්වෙලා
ඉන්න ග්‍රහ ලොව පුරෝහිත වන බ්‍රහස්පති අධ්‍යාපන සහ දාරක සම්පත් වලට වැඩි බලයක් ලබාදෙන පස්
වන්නට ගමන් කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතාමත් යහපත් වර්ෂයකි. වර්ෂයේ මුල් මාස
කිහිපයේදී නම් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. හවුල් ව්‍යාපාරයක නිරත වේනම්
ඒ හරහා විශේෂ වාසි සැලසේ. විශේෂයෙන්ම අගෝස්තු මාසයෙන් පසු ඔබේ ආර්ථික තත්වය ඉතා
යහපත් වේ. ගොවිතැන්, සත්ව පාලන, කොන්ත්‍රාත් වැඩ වල
නියැලෙන්නේනම් සාර්ථක ප්‍රතිපල ලැබේ. රාහුගේ හෝ සෙනසුරුගේ මහා දශාව ගත කරමින්
සිටින්නේනම් ආර්ථික කටයුතු පිලිබඳ ප්‍රවේශම් විය යුතුය. ලඟම කෙනෙකුට බාධා හිරිහැර
ඇති වීමට ඉඩ ඇත. ඒ අය වෙනුවෙන් ඔබට කාලය හා ධනය වැය කිරීමට සිදු වේ. විවාහ
අපේක්ෂාවෙන් සිටියේනම් ඒ සඳහා තරමක් බාධා ඇති වේ. විවාහ කටයුතු වල යම් වෙනස් වීමක්
සිදු වීමට ඉඩ ඇත. ගේ දොර පිලිබඳ කලකිරීම් මතු වේ. නිවසින් පිට කාලය ගත කිරීමට සිදු
වේ. ලඟම ඉන්න කෙනෙක්ගෙන් රැවටීමට ලක් විය හැකි නිසා ඔවුන් පිළිබඳව අවධානයෙන්
කටයුතු කල යුතුය. රැකියා උසස් වීම් ලැබීමට ඉඩ ඇත. උසස් වීම් නිසාම ඔබගේ සම කාලීන
සේවකයින්ගෙන් බාධා එල්ල වේ. උගුරේ ආබාධ මෙන්ම උණ සහිත රෝගාබාධ නිතර එල්ල වන වසරකි.
ඒ නිසා වැඩි වශයෙන් සුදු වර්ණයෙන් සැරසීමට පුලුවන්නම් ඉතාමත් ශුභ වර්ෂයක් බවට මේ
වර්ෂය පත් කර ගත හැක.
මිථුන ලග්නය
2016 වර්ෂය ආරම්භයේදී සිංහ රාශියේ
තැන්පත්ව සිටින බ්‍රහස්පති අගෝස්තු මාසයේ 11 වැනිදා කන්‍යා රාශියට ප්රවිෂ්ථ වේ. ජනවාරි 30 වනදා රාහු ග්‍රහයා තුන් වැන්නටත්, කේතු ග්‍රහයා කුම්භ රාශියටත් පැමිණේ. සෙනසුරු හය වැන්නේ
තැන්පත්ව පවතියි. ඒ නිසා අනුමානයට කරන කටයුතු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
අගෝස්තු මාසයෙන් පසු සිතන පතන දේ කල හැක. මුල් මාස කිහිපය එතරම් වාසනාවන්ත නැත.
නිෂ්ඵල ගමන් බිමන් ඇති වේ. පදිංචියේ වෙනසක් සිදු වේ. නිවසේ සතුට ප්‍රීතිය නොමැති
නිසා නිවසින් බැහැරව සිටීමට සිත් වේ. අදාළ නැති, නොදන්නා දේ නොකළ යුතුය. නීතිමය දඬුවම්, නීතිමය ගැටළු ඇති වේ. ලිපි ලේඛන ගනුදෙනු වලදී ප්‍රවේශම්
විය යුතුය. මැද මාස කිහිපයේ ආර්ථික ලාභ හිමි වේ. ව්‍යාපාරික ප්‍රජාවට ආර්ථික ලාභ
ඇති වේ. සතුරු කරදර වසර මැද මාස කිහිපයෙන් පසු ව නැති වේ. වසර අග මාස කිහිපයේ මිත්‍ර
උපකාර සහ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. මේ කාලයේ නව කටයුතු මෙන්ම පොදු කටයුතුද
ආරම්භ කිරීමට සුදුසු කාලයකි. ලේ ධාතුව සම්බන්ධ රෝගාබාධ, ආමාශගත රෝගාබාධ, හදවත ආශ්රිත මෙන්ම සෙම් රෝග වලින් පීඩා ගෙන දේ. ජයග්‍රාහී වර්ණය
වන්නේ කොළ සහ කහ වර්ණයයි. වර්ෂය ආරම්භයේදීම ගණ දෙවියන්ට හෝ පත්තිනි දෙවියන්ට කහ
මල් මාලයක් පළඳා කරන්නේනම් මෙම වසරේ බෝහෝ අවහිර බාධා වලින් ඔබට මග හැරිය හැකිය.
« නැවත ප්‍රධාන පිටුවට
මිථුන ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
« නැවත ප්‍රධාන පිටුවට
මිථුන ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
කටක ලග්නය
දෙවැන්නේ ඉන්න බ්‍රහස්පති තුන් වැන්නට එන්නේ අගෝස්තු 11 වැනිදායි. ජනවාරි 30 රාහු තුන් වැන්නේ සිට දෙවන්නට එයි. කටක ලග්න හිමි ඔබ මේ වර්ෂයේ මිල
මුදල් ධන ලාභ සහ තත්වයන් උසස් වන වර්ෂයකි. රැකියා අපේක්ෂකයින්ට යහපත් වේ. ඒ සඳහා
උත්සාහ කිරීමද සුදුසුය රැකියාවේ වැටුප් වැඩි වීම් සහ වෙළඳ ව්‍යාපාර දියුණුව සිදු
වන වසරකි. සැපවත් කාලයක් උදා වේ. යටපත් වෙලා තිබුනු වාසනාව මතු වේ. වාහනයක් ගන්න
හීනයක් තිබුනානම් 2016 වර්ෂය ඊට
සුදුසුම වර්ෂයයි. අධ්‍යාපනය ලබන හෝ අධ්‍යාපනය ලබන වයසක දරුවන් සිටීනම් තරමක්
කල්පනාකාරී විය යුතුයි. 2016 අගදී වියදම්
පාර්ශවය ඉහල යයි. ඒ නිසා වසර මුලදී නිසි කළමනාකාරීත්වයකින් කටයුතු කිරීමට සැලසුම්
කරගත යුතුය. මේ වසරේ හදිසි අනතුරු, රෝග පීඩා, ලේ ධාතුව හිඟ
වීම සහ වකුගඩු ආශ්රිත රෝගාබාධ ඇති විය හැකි වසරකි. ඒ නිසා කටක ලග්න හිමි ඔබ මේ
වසරේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතුය. සෑම මාසයකම පළමුවැනි සෙනසුරාදා
ඔබගේ ශාස්තෘවරුන්ට නිල් මල් මාලයක් පූජා කර ඒ වගේම කරණීය මෙත්ත සුත්‍රය වරක්
සජ්ජායනා කිරීමෙන් හෝ ශ්‍රවනය කිරීමෙන් ඔබගේ සෑම දවසක්ම ආරම්භ කරන්නට හැකිනම්
ඉතාමත් යහපත් වර්ෂයක් බවට ඔබට මේ වර්ෂය පත් කර ගත හැකිය.
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබට 2016 නව වසර ඔබට තරමක් කාර්යබහුල වගේම
තරමක් වියදම් අධික වර්ෂයක් බවට මේ වර්ෂය පත් වේ. අනුන් වෙනුවෙන් වැඩිපුර වියදම්
කිරීමට සිදු වන අතර විටින් විට බැහැර ගමන් බිමන් යාමටද සිදු වේ. එසේම වියදම් අධික
වීම නිසා ව්‍යාපාර කටයුතු වල අපේක්ෂිත ඉලක්ක කරා යාමට නොහැකි වර්ෂයකි. මේ සඳහා
නිසි කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන වසරකි. ඉඩම් හෝ දේපල
ආරවූලක් මෙම වසර තුලදී මෙම තුලදී පැන නැගිය හැකිය. රාහු ලග්නයට පැමිණීම නිසා ආවේගශීලීව
කටයුතු කරන අතර ඒවා පාලනය කර නොගත හොත් ඔබට ඔබ ලඟින්ම ආශ්‍රය කරන හිත මිතුරන් නෑදෑයන් ඔබෙන් ඇත්
විය හැකියි. සිංහ ලග්නය හිමි ඔබට අත් වල හිරිවාත, ඉරුවාරදය වැනි රෝග මේ 2016 වසර තුලදී ඇති විය හැකියි. ඒ නිසා ඔබේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක්
යොමු කල යුතුය. මේ සඳහා ඔබ උතුම් කතරගම දේවතාවුන් වහන්සේට පලතුරු පුජාවක් සමග රතු
තිරයක් පූජා කිරීමට හැකිනම් 2016 වසර වඩාත් සාර්ථක වසරක් බවට පත් කරගත හැකියි.
කන්‍යා ලග්නය
දොළොස් වැන්නේ තැන්පත්ව සිටින බ්‍රහස්පති මෙම වසරේ
අගෝස්තු මාසයේදී ලග්නයට පැමිණේ. ලග්නයේ තැන්පත්ව සිටින රාහු දොළොස්වැන්නට සම්ප්‍රාප්ත
වේ. මේ වසර පුරාම සෙනසුරු තුන් වැන්නේ තැන්පත්ව පවතියි. හත් වැන්නේ තැන්පත් වෙලා
ඉන්න කේතු ජනවාරි මස අවසානයේදී හය වැන්නට පැමිණේ. මේ වසර ඔබට වාසනාවන්ත වසරකි.
අනාගත බලාපොරොත්තුවක් වෙනුවෙන් මුදල් ආයෝජනයක් කිරීමට සිදු වන අතර ධනලාභ සහ ඉඩකඩම්
දේපල ලාභ හිමි වේ. රහස් ගමන් බිමන් ඇති වේ. ඒ නිසා රහසිගතව මුදල් වියදම් කිරීමට
සිදු වේ. රැකී රක්ෂා වලින් ඉහලට යාමට හැක. නමුත් බ්‍රහස්පතිගේ මහා දශාවක් හෝ
අන්තර් දශාවක් පවතියිනම් රැකි රක්ෂා වල යම් වෙනසක් සිදු වේ. 2016 වර්ෂයේ රැකී රක්ෂා සඳහා විදෙස්
ගත වීමටද ඉඩ කඩක් පවතියි. කලක සිට කරගෙන ආ කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන්න
බලාපොරොත්තුවෙන් ඉන්න කටයුතු වලද දියුණුවක් උදා කරගත හැක. 2016 වසර ඔබට මංගල යෝග උදා කරන වසරකි.
ඉදි කිරීම් කටයුතු වලින් වාසි වැඩියෙන් ලැබෙන වර්ෂයකි. ජනමාධ්‍ය ක්ෂේත්රයේ, ලේඛන කලාවේ සහ නිර්මාණශීලී රැකියාවල ඔබ නිරත වේනම් ප්‍රසිද්ධියක්
අත් පත් කරගැනීමට හැකියාවක් පවතින වර්ෂයකි. ගොවිතැන් කටයුතු වගේම භුමිය සම්බන්ද
කටයුතු වල නිරත වේනම් කල්පනාකාරි විය යුතු වර්ෂයකි. බාධක හිරිහැර ඇති වීමට ඉඩ ඇත.
සහෝදර සහෝදරියන්ට යම් යම් ලෙඩ රෝග සහ ආබාධයන්ට ලක් වන වර්ෂයකි. ඔබ කලපසු වන
පෙලෙන්නේනම් එයින් අත් මිදිය හැකිය. ජය වර්ණය කොළ පාට වේ. කන්‍යා ලග්න හිමි ඔබ
හැකි සෑම විටම වැටකෙයියා පැලයකට වතුර වත් කිරීමට හැකියිනම් උදා වූ මේ 2016 නව වසර ඔබට සාර්ථක වසරක් බවට පත්
කරගත හැකි වේ.
තුලා ලග්නය
මේ වර්ෂය ආරම්භයේදී දෙවැන්නේ සෙනසුරු තැන්පත්ව
පවතියි. ඒ වගේම සෙනසුරු ග්‍රහයා වසර පුරාම තැන්පත්ව සිටින නිසා යම් ප්‍රමාණයකට
බලපැවැත්වෙන ඒරාෂ්ටක තත්වයක් පවතියි. බ්‍රහස්පති ග්‍රහයා එකොළොස් වැන්නටත්
දොළොස්වැන්නේ සිටින රාහු ග්‍රහයා 11 වැන්නටත්
පැමිණේ. ඔබට මේ වසර ආර්ථික වශයෙන් සහනදායි වසරකි. වෙළහෙළදාම් කටයුතු වලින් වාසි
ලැබෙන වර්ෂයකි. රැකී රක්ෂා බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට ඒ බලාපොරොත්තු ඉටු
වේ. රැකියා උසස් වීම් ලැබේ. ව්‍යාපාර මෙන්ම ගොවිතැන් කටයුතු සාර්ථක වන වර්ෂයකි.
පවුල තුල සතුට සැනසීම ලඟා කරදෙන වර්ෂයකි. ගෙදරදොර කටයුතු යහපත් වේ. ඔබට මෙම වර්ෂයේ
ඔබේ වචනයේ බලය පෙන්වීමට හැකියාව පවතියි. මුදල් ආයෝජනයට ඉතා සුදුසුය. අවලාද,
අපහාස සහ අස්ථානගත චෝදනා වලට ලක් විය හැකි බැවින්
2016 වසර කල්පනාකාරීව කටයුතු කල යුතු වසරකි.
සෙනසුරුගේ රාහුගේ මහදශාවක් හෝ අතුරු දශාවක් ගත කරන්නේනම් ඔබට ඇස් රෝග, මුඛ රෝග වලින් මෙන්ම ලේ විෂ වීම වගේ රෝග පීඩාවන්
එල්ල විය හැකිය. ඔබට මේ 2016 වසර සාර්ථක වසරක් බවට පත් කරගැනීමට නම් විෂ්ණු දෙවියන් හට මාසයකට සැරයක් තුල්සි කොළ
මාලයක් හෝ ගිතෙල් පුජාවක් පුද සත්කාර වශයෙන් කල හැකිනම් ඔබගේ බොහෝ බාධක මේ වසර තුලදී දුරු කර ගැනීමට
හැකියාව ලැබේ.
වෘශ්චික ලග්නය
2016 වසර වෘශ්චික ලග්න හිමි ඔබට තරමක් කාර්යබහුල
වසරක් මෙන්ම මානසික පීඩා ඇති විය හැකි වසරක් වේ. මේ වසරේදී ඔබගේ රැකියා මාරුවක්
සිදු වන අතර එහිදී ඔබ තරමක් කල්පනාකාරී විය යුතුය. ඔබ ගන්නා තීන්දු තීරණ පිළිබඳව
වැඩි අවධානයක් යොමුකල යුතු වසරක් වන අතර වෙළෙඳාම්, ගොවිතැන් කටයුතු වලටද එතරම් යහපතක් සිදු නොවේ.
වගකීම් වැඩි එමෙන්ම වැඩකටයුතු අධික වසරකි. මේ වසර පුරාම තිබෙන ඒරාෂ්ටක තත්වයෙන්
ඔබගේ යානවාහන වලට මෙන්ම යන්ත්‍ර සුත්‍ර වලටද දැඩි අලාභ හානි සිදු විය හැක. මලානික,
අප්‍රාණික මෙන්ම හදවත් රෝග සහ වාත රෝග සහ වම අතක
හෝ වම පාදයක යම් ආබාධ තත්වයක් ඇති විය හැකියි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමුකළ
යුතුය. 2016 වසරේදී ඔබට කුරුළු ජෝඩුවක් නිදහස් කිරීමට
පුලුවන්නම් එමෙන්ම විෂ්ණු දෙවියන්ට මල් මාලාවක් නිල් රෙදි යාර තුනක් සමග පුජා
වට්ටියක් පුජා කර 2016 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කල හැකිනම් මේ වසර ඔබට
ඉතාමත්ම සුභ වසරක් බවට පත් කර ගත හැක.
ධනු ලග්නය
2016 වසර පුරාම සෙනසුරුගේ එරාෂ්ටක තත්වයක් පවතින
බැවින් රැකියා ස්ථානයේ ගැටළු ඇති විය හැකි වසරකි. වචන භාවිතා කිරීමේදී තරමක් ප්‍රවේශම්
වියයුතු අතර නිකරුනේ ධන හානිද සිදු විය හැකිය. මිල මුදල් භාවිතයේදී සැලකිලිමත් විය
යුතු අතර ඔබේ කීර්ති නාමයටද මේ වසරේ යම් යම් ගැටළු ඇති වීමක් සිදු විය හැකියි. අන්
අය සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම යම් මුදල් ගනුදෙනුවක් සඳහා අත්සන් කිරීමේදී ද සැලකිලිමත් වන්න. ඔබගේ ගෙදර දොර කටයුතු තරමක් අවුල් වියවුල් තත්වයක් ඇති
වන අතර අධ්‍යාපනයට තරමක් වාසිදායක තත්වයක් ඇති වේ. කල්පසුවන රෝග ඇති වන අතර අස්ථි
බිඳීම් වම් අත හෝ වම් පාදයේ යම් රෝගාබාධයක් ඇති වේ. සතුරන්ගෙන් නින්දා අපහාස සහ
පරාජයන්ට මුහුණ දීමට සිදු විය හැකි වසරකි. ධනු ලග්නයෙන් උපන් ඔබේ මේ වසරේ ජයග්‍රාහී
වර්ණය කහ වර්ණය වන අතර පුෂ්පරාග මැණිකක් ඇල්වූ මුදුවක් පැළඳීම යහපත් වේ. විෂ්ණු
දෙවියන් ට ඊතන මිශ්‍ර නිල් පාට මල් ඇල්වූ මල් මාලයක් පැළඳවීම මගින් මේ වසර ජයග්‍රාහී
වසරක් බවට පත් කරගත හැකි වේ.
මකර ලග්නය
2016 වසර මකර ලග්න හිමි ඔබට කොහොමද? ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ එකොලොස් වැන්නේ තැන්පත් වෙලා සිටියදී තමයි 2016 වසර ආරම්භ වන්නේ. ඒ වගේම රාහු ග්‍රහයා පුණ්‍යස්ථානයේ සිට අට වැන්නට සම්ප්‍රාප්ත වෙනවා. අටවැන්නේ තැන්පත් වෙලා හිටපු බ්‍රහස්පති ග්‍රහයා පුණ්යස්තානයට පැමිණෙන්නේ අගෝස්තු මාසයේයි. මේ නිසා මකර ලග්න හිමි ඔබට 2016 වසර ඔබට සැබවින්ම වාසනාවන්ත වසරක්. රැකී රක්ෂා වල උසස් වීම් වගේම වැටුප් වැඩි වීම් ලබන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. ඔබ වෙළඳාම් කටයුත්තක නිරතව සිටින අයෙක්නම් ඒ කටයුතු වලිනුත් නිසි පරිදි දියුණුවක් ලබාගන්න පුළුවන්. ඔබට උසස්, උගත් මිත්‍රයන් ආශ්‍රය කරන්නට ලැබෙන වර්ෂයක්. එමෙන්ම ඒ අයගේ උදවු උපකාර වගේම අදහස් උදහස් නිසා ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වගේම රැකියාව තුල පැමිණිය හැකි අර්බුධත් ඔබට පහසුවෙන් මගහරවාගන්නට පුළුවන් වසරක්. ඒ වගේම මකර ලග්නයෙන් උපන් ඔබ භුමිය සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන අයෙක්නම් මේ 2016 වසර ඔබට තවදුරටත් පත් කරගන්න පුළුවන්. ඇඟලුම් ක්ෂේත්‍ර වල, යාන වාහන අලෙවි කිරීම් වැනි ව්‍යාපාරික කටයුතු වල නිරත වන මකර ලග්න හිමියන්ට 2016 වසර සැබවින්ම වාසනාවන්ත වසරක්. තමන් කැමති ආකාරයට කටයුතු කරන්න අවස්තාව සැලසෙනවා වගේම තමන් වටා ඉන්න පිරිසගේ නිසි උදවූ උපකාර ලබාගන්නත් ඔබට මේ 2016 වසරේදී හැකියාව ලැබේ. ඒ වගේම හදිසි ධන ලාභ ලැබෙන වසරක් හැටියටත් 2016 වසර මකර ලග්න හිමියන්ට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබට නව දරු උපතක් හෝ විවාහ කාරනාවක් මුල් කරගෙන ඔබේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු විය හැකි වසරක්. අලුතින් දේපල ඉඩකඩම් එකතු කරගන්නට වගේම යාන වාහන මිලදී ගැනීමටත් මකර ලග්න හිමි ඔබට අවස්තාව උදා වෙනවා. ඒ වගේම මකර ලග්නයෙන් උපන් ආදරවන්තයින්ටත් 2016 වසර සැබවින්ම වාසනාවන්තයි. ඔබට යහපත් ආකාරයකින් ආදර සම්බන්ධතා පවත්වාගෙන යන්නටත්, ඒ වගේම ඒවා ස්ථිර කරගන්නටත් සුදුසූ වර්ෂයක් ලෙස 2016 වසර හඳුන්වන්නට පුළුවන්. මකර ලග්නයෙන් උපන් ඔබට රාහුගේ මහා දශාව හෝ අතුරු දශාවක් පවතිනවානම් ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් අධික වීම මෙන්ම බලාපොරොත්තු කඩ වීමත් සිදු වෙන්න පුළුවන්. ඔබට ගෙවුණු අවුරුද්දේ යම් යම් රෝගාබාධ තිබුනත් ඒවා සුව වෙන වර්ෂයක් බවට 2016 වර්ෂය පත් වෙනවා. මේ දේවල් මගහරවාගන්නටනම් වර්ෂය ආරම්භයේදීම උතුම් විෂ්ණු දෙවියන් හට පුජාවක් පවත්වන්නට හැකියාවක් ලැබේනම් 2016 වර්ෂය ඔබට සෞඛ්‍ය සම්පන්න වගේම ජයග්‍රාහී වර්ෂයක් බවට පත් කරගන්නට හැකියාවක් ලැබෙන වර්ෂයක්.
මකර ලග්නය ගැන නිශාන්ත පෙරේරා මහතාගේ විග්‍රහය මෙතැනින්
« නැවත ප්‍රධාන පිටුවට
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා
මේ වර්ෂය ආරම්භයේදීම 10 වැන්නේ තැන්පත් වෙලා තිබෙන්නේ. මේ සෙනසුරුත් සමඟ
කුජත් මාස හයක
පමණ කාලයක් යෝග වනවා. ඒ වගේම අට වැන්නේ තැන්පත් වෙලා ඉන්න රාහු ජනවාරි මාසයේ
අවසානයේදී හත් වැන්නට පැමිණෙනවා. හත් වැන්නේ තැන්පත් වෙලා ඉන්න බ්‍රහස්පති ග්‍රහයා
අගෝස්තු මාසයේදී අට වැන්නට සම්ප්‍රාප්ත වෙනවා. මේ ග්‍රහ රටාව අනුව කුම්භ ලග්න හිමියන්ට තරමක් කාර්යබහුල
සහ ව්‍යාකූල වසරක් ලෙස 2016 වසර
හඳුන්වන්න පුළුවන්. ඒ නිසා කුම්භ ලග්න හිමි ඔබ වසර මුලදීම සැලසුම් සහගතව කටයුතු
ආරම්භා කරන්න හිතට ගන්න. ඒ වගේම ඔබ 2016
වසරෙදි ගන්න තීන්දු තීරණ වලදී ඔබට වඩා උසස්, උගත්
පුද්ගලයින්ගෙන් අවවාද අනුශාසනා ලබාගන්න. කොහොම වුනත් දහ වැන්නේ සෙනසුරු සහ කුජ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්න
නිසා රැකියාවට සම්බන්ධ කටයුතු වලදී තරමක් ප්‍රවේශම් වන්න. ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ
සතුරන් ඇති වෙන්න පුළුවන්. 2016 වසර තරමක්
උදාසීන ගති උත්සන්න වන වසරක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබ වෙනදා ආශ්‍රය කරන
අයගෙන් තරමක් ඇත් වෙන්න උත්සාහ කරාවි. විශේෂයෙන් ඔබ දන්නා දේ සහ ඔබ දරන අදහස් ප්‍රකාශ
කිරීමෙන් වැළකී සිටීමට උත්සහ කරන වසරක්. හැබැයි අදහස් පල කිරීමට අවස්ථාව ලැබෙන සහ
අදහස් පල කල යුතු තැන් වලදී නිවැරදිව සහ ශක්තිමත්ව එයට මුහුණ දුන්නොත් 2016 ඔබට මුහුණපාන්නට වෙන ගැටළු බොහොමයක් මගහරවාගන්න
පුළුවන්. පවුල හා සම්බන්ධ කටයුතු වලදී යම් යම් බාධා එල්ලවෙන්න පුළුවන්. විශේෂයෙන්
ඔබට රාහුගේ සහ කුජගේ අතුරු දශාවක් හෝ මහා දශාවක් ගත කරනවානම් ඔබ බොහෝ සේ ප්‍රවේශම්
විය යුතුයි. සමේ රෝග, වකුගඩු ආශ්රිත රෝග ඇති වන්නට පුළුවන්. කුම්භ
ලග්නයේ උපන් ඔබට සෑම මාසයකම පුර පසළොස්වක පෝයට කලින් යෙදෙන සෙනසුරාදා දිනවල මහා විෂ්ණු දේවතාවුන් වෙනුවෙන් පුද සත්කාර,
සම්මාන පවත්වන්න පුලුවන්නම් 2016 වසර ඔබට සාර්ථක වසරක් බවට පත් කරගන්න හැකියාවක්
ලැබේවි .
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා
හය වැන්නේ සිට හත් වැන්නට සම්ප්‍රාප්ත වන්නේ අගෝස්තු මාසයේදීයි. හත් වැන්නේ හිටපු
රාහු ග්‍රහයා හය වැන්නට පැමිණෙනවා ජනවාරි 30
වෙනිදා. වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා නව වැන්න වන පුණ්‍යස්ථානයේ රැඳී ඉන්නවා. එත්
සමගම කුජ මාස හයකට ආසන්න කාලයක් යෝග වනවා. මේ කියන ග්‍රහ රටාවත් එක්ක ඔබ වෘත්තීයක
නිරත වන්නෙක්නම් රැකී රක්ෂා වලින් ඉහලට යන්නත් තනතුරු ලාභ ලබන්නත් මේ 2016 දී අවස්තාව ලැබෙනවා. ඔබ ව්‍යාපාර ක්ෂේත්රයක
නිරත වන කෙනෙක්නම් බාධක කම්කටොලු ඇති වෙන්න පුළුවන්. වියදම් පාර්ශවය අධික විය හැකි
වසරක්. නව සැලසුම් අසාර්ථක වීමට අවස්තාව වැඩියි. ඒ නිසා ඔබ සැලසුම් සකස් කරද්දී
වැඩිහිටි උදවියගෙන් උදවු උපකාර ලබාගැනීම වඩා යහපත්. ඔබට සතුරු කරදර චිත්ත පීඩා
මානසික ව්‍යාකුලතා තිබේනම් ඒවා පහව යන වසරක්. ඔබට නොපෙනී සතුරුකම් කල පුද්ගලයන්
සිටියානම් ඒ අයව ප්‍රසිද්ධියේ හඳුනාගන්න පුළුවන් වසරක්. විශේෂයෙන් රාහුගේ බලපෑම අට
වැන්නට ලැබිල තියෙන නිසා බොහෝ රෝගාබාධ අඩුව යන්නට පුළුවන්. හදිසි අනතුරු ගැන
සැලකිලිමත් වන්න. ක්ෂණික කේන්තිය අඩු කරගන්න. බ්‍රහස්පතිගේ මහා දශාවක් හෝ අන්තර්
දශාවක් ගත කරන ඔබට 2016දී නිරන්තරයෙන් ධන ලාභ ලැබිය හැකිය. හැබයි ඔබට
ඇස් වල රෝග තත්ත්ව බෝවන වසන්ගත රෝග ඇති විය හැකියි. මෙවැනි බාධක තත්ත්ව මගහරවා
ගැනීමට වෛරෝඩි හෝ පුෂ්පරාග මැණිකක් ඔබ්බපු මුදුවක් පළඳින්න හෝ අභිසන්භිධාන යන්ත්‍රයක්
පළඳින්න පුලුවන්නම් මේ 2016 වසර අති
සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට ඔබට හැකියාව ලැබේවි.
ඔබ සැම දෙනාගේම යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට වීමට
අවශ්‍ය ශක්තිය ධෛර්ය වගේම විශ්වයේ තිබෙන්නාවූ ආශිර්වාදය ඒ ආකාරයෙන්ම ලැබෙන්න කියලා
දෛවය 2016 තුලින් ප්‍රාර්ථනා කරනවා.
24Gossip.News
24Gossip.News


































0 comments:
Post a Comment