තුලා
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
තුලා රැකීරක්ෂා කටයුතුවල මන්දගාමී බවක් දක්නට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලද පසුබෑමක් පෙන්නුම් කරන අද දින තම අවශ්‍යතාවන් කෙසේ හෝ සපුරා ගැනීමට හැකිවන පරිදි මුදල් ලැබෙනු ඇත. ක්‍රීඩා කටයුතුවල නිරත වන අයට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වන අතර ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
තුලා
සිතේ පී‍්‍රතියක් හා සතුටින් තම රැකියා කටයුතුවල නිරත විය හැකි අද දින වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ඔබගේ තැන්පත් ධනය මඳක් හෝ වැය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙනී යයි. පවුලේ අය අතර සමගිය, සුහදතාවය වර්ධනය කර ගත හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින
තුලා රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින ආර්ථිකය යහපත් මට්ටමක තබා ගැනීමට හැකිවන අතර සිතේ හටගන්නා නොසන්සුන් ගති උත්සන්න වීමෙන් ඔබගේ හිතුමිතුරන් සමග ආරවුල් ඇති කර ගන්නා බව පෙනී යයි. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
තුලා රැකියා ලාභ සඳහා පැවැති බාධක ඉවත්වනු ඇත. රැකියාවල නියුතු වූවන්ගේ රැකියා ස්ථාන මාරුවීම්වලට ඉඩ ඇති අද දින, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමේ මාර්ගයක් පෑදෙන බව පෙන්නුම් කරන අතර, ආර්ථිකය යහපත්ය. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
තුලා රැකියාව සම්බන්ධයෙන් මතෛක් පැවති බාධක මගහැරී යයි. ව්‍යාපාරිකයන්ට ලාභ ලැබෙන අද දින නව ආදායම් මාර්ග උදාවනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර තම නිවස නවීකරණය කිරීම ගැන සිත යොමුවන දවසකි. පෙම්වතුන්ට ශුභදායකය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින
තුලා රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ හිත දිනා ගෙන කටයුතු කිරීමේ හැකියාව දක්නට ලැබෙන අද දින සියලු කටයුතු සැලසුම් සහගතව අවසන් කරගත හැකි වන අතර ව්‍යාපාරිකයන්ට ලාභ ලබා ගත හැකි දවසකි. සවස් භාගයේදී පී‍්‍රති උත්සව අවස්ථාවලට සහභාගි වීමට සිදුවේ. ගෘහ ජීවිතය පී්රතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
තුලා
වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි සැලසෙන අද දින රැකියා කටයුතුවල දියුණුවක් උදා කරයි. කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි අතර අධ්‍යාපන කටයුතුවල තෘප්තිමත්භාවයක් දක්නට ලැබේ. අඹුසැමි සුහදතාව වර්ධනය වේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
තුලා
රැකියා ස්ථානයේ අමතර වගකීම් භාර ගැනීමට සිදුවිය හැකි අතර, ප්‍රමාද වූ රාජකාරී කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට හැකිවනවා ඇත. ගේදොර අලුත්වැඩියාවකට මුල පුරන අද දින තරගකාරී කටයුතුවලින් විශේෂ ජයග්‍රහණයක් ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
තුලා
රැකියාවල නියුතු වුවනට සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ආර්ථිකය සතුටුදායක වන අතර තම අපේක්ෂාවන් සාර්ථක කරගැනීමට හිතවතුන්ගේ සහයෝගය ලබාගත හැකි අද දින පවුලේ වාසනාව හා ප්‍රීතිය උදාකෙරේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
තුලා
සිතෙහි කලක සිට බලාපොරොත්තු වූ කරුණක් ඉෂ්ට සිද්ධ විය හැකි අද දින රැකීරක්ෂා කටයුතුවල කිසියම් ප්‍රගතියක් ලබනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් වන අතර, රැකියා අපේක්ෂාවෙන් සිටින අයට යහපත් දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment