laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

මීන

මීන
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින




































මීන රැකියාවල නියුතු අයට තම රාජකාරි කටයුතු අතපසු වීමේ ප්‍රවණතාවයක් පවතින බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පාඩු ගෙන දිය හැකි ෙදෙනික කටයුතුවලටද බාධා සිදුවිය හැකි බව දක්නට ලැබේ. අවිනිශ්චිත බලා‍පොරොත්තු රැසක් ඇති විය හැකි බව පෙනී යයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින


මීන තම රාජකාරී කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරික කටයුතුවලින් වාසි සැලසේ. ආර්ථිකය යහපත් වන අතර නීති ප්‍රශ්නවලින් ජය ලබා ගනී. හිතවතුන්ගේ ආධාර, උපකාර බලා‍පොරොත්තු විය හැකි දවසකි. පී්‍රතිමත් ගෘහ ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින


මීන අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම අතපසුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ගෙන දිය හැකි අතර, ආර්ථිකය යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකය. ගෙදරදොර කටයුතුවල වගකීම් වැඩිවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙන බව පෙනී යයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින


මීන එතරම් ශුභ දායක දවසක් නොවන බව පෙනී යයි. රැකියා කටයුතුවල උදාසීන තත්ත්වයක් මතුවිය හැකි අතර, ආර්ථික අපහසුතා ගෙනදෙන බව දක්නට ලැබේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබිම අසීරු වන බව පෙන්නුම් කරයි. ගෙදර දොර පරිසරය යහපත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින


මීන
තම රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින ව්‍යාපාරිකයන්ට වාසි අත්වන බව පෙනී යයි. විරුද්ධවාදින්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකිවන අතර, ඔබේ සිතේ පැවති අපේක්ෂාවන් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. අඹුසැමියන් අතර සැක කටයුතු ප්‍රශ්න මතුවිය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින


මීන රැකියා කටයුතු උනන්දුවෙන් ඉටු කරන අද දින රැකියා කටයුත්තක් සඳහා යන ගමනකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගතහැකි බව පෙනීයයි. ව්‍යපාරිකයන්ට ආර්ථික වාසි හිමිකරගත හැකි අතර, අපේක්ෂිත කටයුත්තක් වෙනස් කිරීමට සිදුවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින


මීන රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට වාසි සැලසේ. සතුටින් තම රාජකාරි කටයුතු කරගෙන යාමට හැකිවන අද දින අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජය හිමිවන අතර ලිපි ගනුදෙනුවලින් වාසිදායක තත්ත්වයක් ගෙනදීමේ ප්‍රවණතාවක් පවතී. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින





තම රැකියා කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවේ. ව්‍යාපාරවලින් ලාභ ලබා ගත හැකි බව පෙන්නුම් කරයි. ඉඩකඩම් මිලදී ගැනීමට ඇති හැකියාව දක්නට ලැබෙන අතර, මිතුරකු නිසා ඔබට විශාල කරදරයකට මුහුණදීමට සිදුවේ. ඥාතීන් අතර තිබූ සුහදශීලී බව අඩුවීමේ ලකුණු පෙනේ. පවු‍ලේ සමගිය උදාකෙරේ.




අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින






මීන නව ආදායම් මාර්ග උදාකර ගැනීමට අවස්ථාවක් උදාවිය හැකි අද දින නියමිත වැඩ කටයුතු කලට වේලාවට සාර්ථකව නිමකර ගැනීමට හැකිවන බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට යහපත්ය. තම පවු‍ලේ කටයුතු උදෙසා දැඩි උනන්දුවෙන් ක්‍රියාකරන දවසකි.

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින

මීන

රැකියා විරහිත අයට සම්මුඛ පරීක්ෂණාදියට කැඳවීම් ලිපි ලැබෙන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් පෙන්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතයේ වාසනාව ගෙන දේ.



ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment