laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

කන්‍යා

කන්‍යා
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින

කන්‍යා කන්‍යා ලග්න හිමියන්ට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා ශුභ දවසකි. රැකියා කටයුතුවලට යහපත් වන අතර, ආර්ථික වාසි හිමිවීමේ. භාග්‍ය උදාවන අද දින ඔබේ සිතුම් පැතුම් ඉටුවන බව පෙනී යයි. මිතුරකුගේ කටයුත්තක් සඳහා වැඩි අවධානයක් යොමු විය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින


කන්‍යා මුදල් ගණුදෙනුවක් සම්බන්ධව පාඩු විඳීමට සිදුවන අද දින උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බව පෙනී යයි. රැකිරක්ෂා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර ආර්ථික අපහසුතා ගෙනදේ. සිත් අමනාපයක් දුරදිග යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින


කන්‍යා රැකියාවල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි අද දින වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල අනපේක්ෂිත පාඩු ගෙන දෙන බව දක්නට ලැබේ. ඇසුරු කරන අය සමග මතභේද ප්‍රශ්න ඇති කර ගන්නා අතර, දරුවන්ගේ කටයුතු සඳහා වෙහෙසීමට සිදුවිය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින


කන්‍යා අද දින විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලා‍පොරොත්තු ඉටුවේ. රැකියා ක්‍ෂේත්‍රයේ යහපත් ප්‍රගතියක් දක්නට ලැබේ. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. යුග දිවිය ප්‍රීතිමත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින

කන්‍යා ආදායම් කටයුතු නිසි පරිදි  සංවිධානය කරගැනීමට අ‍පොහොසත් වීමෙන් ආර්ථිකය පිරිහීමට පත්වේ. මුදල් යොදවා කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැකි අතර රැකියා ස්ථානයේ අනපේක්ෂිත ගැටලු, බාධක පැන නගින බව පෙනීයයි. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින


කන්‍යා තම අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට විධිමත් සහයෝගය සමාජයේ උසස්  ප්‍රභූවරුන්ගෙන් ලබා ගත හැකි අද දින රැකීරක්ෂා කටයුතුවලට ශුභදායකය. ආර්ථිකය සතුටුදායක වන අතර අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමට කරගෙන යාමට හැකිවන දවසකි. ගෘහ ජීවිතයේ පී්‍රතිය, වාසනාව උදාවෙයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින


කන්‍යා
නව රැකියා කෙරෙහි සිත යොමු වේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සහගත බව පෙන්නුම් කරයි. උසස් අයගේ ඇසුර ලබාගත හැකි අද දින භාරගත් කටයුතුවල යහපත් නිමාවක් ඇති කරයි. මිතුරන් අතර ප්‍රියතාවයකට පත්විය හැකි දවසකි. ගෘහ ජීවිතය සතුටුදායකය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින


කන්‍යා


විනෝද කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන අද දින අමතර ආදායම් මාර්ගයක්ද උදාවන බව පෙනී යයි. නව රැකියා බලා‍පොරොත්තු වන අයගේ පැතුම් ඉෂ්ටවන අතර, ව්‍යාපාරික කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබා ගත හැකි දවසකි. තම බලා‍පොරොත්තු බාධාවකින් තොරව ඉටුවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.



අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින

කන්‍යා රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධ සැලකිය යුතු ප්‍රගතියක් ඇති වුවද චිත්ත පීඩා ගෙනදෙන අන්දමේ ප්‍රශ්න මතුවිය හැකි අද දින ආදායම් තත්ත්වය යහපත් වුවද වැය පස ඉහළ යන බව පෙන්නුම් කරයි. හිතවතුන් සමග මතභේද ඇතිකරගත්නා අතර ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින

කන්‍යා

අද දින ඔබට සහනදායි බවක් ගෙන දෙනු ඇත. රැකියා කටයුතුවල මෙන්ම ව්‍යාපාරික කටයුතුවලද, යහපත් ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආර්ථිකය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවන අතර හිතවතුන්ගේ හා ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර ලබා ගත හැකි දවසකි.



ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment