laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින


මේෂ

වෙළහෙළදාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි අද දින රැකියා ස්ථානයේ තිබූ කරදර, බාධා මඟහැරී
 මේෂ

වෘෂභ
රැකියා ස්ථානයේ සුහදතාවය වර්ධනය වන අද දින ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට 
 වෘෂභ

මිථුන
අද දින සිතට සහනදායී බවක් ගෙනදෙනු ඇත. ආර්ථිකය යහපත්ය. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක් 

 මිථුන

කටක
රැකියාවේ විශේෂ වෙනසක් ඇති නොවේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයට පාඩු ගෙන දේ. නව ආදායම් මාර්ග 
 කටක

සිංහ
වෙළෙඳ ව්‍යාපාරවලින් බලා‍පොරොත්තු නොවූ ලාභ ලැබෙන අද දින රැකියා කටයුතුවලට බාධා ගෙනදීමේ 
 සිංහ

කන්‍යා
පසුගිය දිනවලදී පැවැති ආර්ථික ගැටලුවලින් මිදීමට හැකිවන අද දින රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රසාදය 

තුලා
මිල මුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය හැකි අද දින එතරම් ශුභදායක නොවන බව පෙනී යයි. රැකියාව 

වෘශ්චික
රැකී රක්ෂා කටයුතුවල සතුටුදායක ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින ආර්ථිකය යහපත් වන අතර ව්‍යාපාරික 
 වෘශ්චික

ධනු
ෙදෙනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන අද දින රැකියාවල කටයුතු සාර්ථක වන බව 
 ධනු

මකර
තම රැකියා කටයුතු නිසි අයුරින් කරගෙන යාමට අ‍පොහොසත් වන බව දක්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට ලාභ 
 මකර

කුම්භ
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි ලබාගත හැකි අද දින රැකියා අපේක්ෂකයන් රැකියා ලාභ ගෙන දෙන බව 
 කුම්භ

මීන
රැකී රක්ෂා කටයුතුවල අලුත් තත්ත්වයක් උදාකර ගනී. ආර්ථික වශයෙන් මිශ්‍රඵල ලබාගනී. කරන කියන 
 මීන
.


ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කුම්භ ලග්න හිමියෝ - බදා ගන්නට නොව බෙදා දෙන්නට කැමැති

2015-05-16 02:00:00

කුම්භ ලග්න හිමියෝ - බදා ගන්නට නොව බෙදා දෙන්නට කැමැති

කුම්භයෙන් උපත ලද ඔබේ ලග්නාධිපතියා වනුයේ ශනි ග්‍රහයා හෙවත් සෙනසුරුය. කාරුණික ගුණය හා ආදරණීය බව කුම්භයේ ආවේණික ගුණයන් අතරින් විශේෂත්වයක් ගනී. ඉවසීමේ හා දරා ගැනීමේ හැකියාවද කුම්භයෙන් උපත ලද ඔබට ලග්නාධිපති සෙනසුරු ප්‍රදානය කළ උප්පත්තිමය දායාදයකි.

සොබාදහමට හා පරිසරයට මහත් ඇල්මක් දක්වන කුම්භයෙන් උපන් ඔබ කලාකාමී අදහස්වලින් පරිපූර්ණ වූවෙකි. මවාගත් සුන්දර ලොවක් තුළ ජීවත් වීමට මෙන්ම යථාර්ථවාදී ජීවිතයක් ගත කිරීමටද ඔබට එක හා සමාන හැකියාවක් ඇත. වැඩි කලබලයකින් තොරවූ සන්සුන් දිවි පෙවෙතක් ගත කිරීමට ඔබ දක්වනුයේ මහත් අභිරුචියකි.
හිත මිතුරන්ට දැඩිව ආදරය කරන ඔබ සුළු සුළු සිදුවීම්වලින් සසල වන අයකු නොවේ. එමෙන්ම සෙනසුරුගේ නෛසර්ගික ගුණය හේතු කොටගෙන වහා කිපෙනසුලු පුද්ගලයකුද නොවනු ඇත. එහෙත් දැඩිව අහිංසක අයුරින් කටයුතු නොකරන ඔබ බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන්නකු ලෙස හඳුන්වා දිය හැකිය.
කුම්භයෙන් උපන් ඔබ බුද්ධිමත්ය. සමාජශීලීය. ස්ථීර ගතිගුණයෙන් පොහොසත්ය. ප්‍රතිපත්තිගරුක අයුරින් ජීවිතය ගත කිරීමට උත්සාහ දරන ඔබට කල් තියා යම් දෙයක් පිළිබඳ අනුමාන කිරීමේ හැකියාව ඉතා උසස් අයුරින් පිහිටා ඇත.
 Kendaraya

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පොරොන්දම් විස්සම හරි ඒත් කසාදය පුස්සක්

2015-05-16 02:05:00

පොරොන්දම් විස්සම හරි ඒත් කසාදය පුස්සක්

විවාහ ගිවිස ගැනීමට නියමිත කුමර කුමරියන් පළමුව සලකා බලන්නේ පොරොන්දම් ගැළපේද යන්න පිළිබඳවයි. වැඩිමනත් ඒ ගැන උනන්දු වන්නේ ඔවුන්ගේ මවුපියන්ය. පොරොන්දම් විස්සම මනාව ගැළපී විවාහ ජීවිතය බිඳවැටුණු අය මෙන්ම විස්සම නොගැළපී යහතින් පවුල් කන උදවියද අනන්තය. විසි පොරොන්දම් පරීක්ෂාව සාම්ප්‍රදායික සොයා බැලීමකි. ඉන් එහා ගිය කාරණා කීපයක් පවුල් ජීවිතය රස - නීරස කිරීමෙහිලා තදබල ලෙස බලපාන බව කීමටයි මේ උත්සාහය.
පොරොන්දම් විස්සයි, අෂ්ට කූටයයි හොඳනම් ඒ ඇතැයි මුල් බැසගත් මතය මේ වනවිට පුස්සක් බවට පත්ව තිබේ. පොරොන්දම් බැලීමේදී සලකා බැලිය යුත්තේ පවුල් ජීවිතය දිගු කාලීනව ර¼දා පවතීද නැද්ද යන්නයි.
22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා දෙවැන්නේ සිටීනම් හෝ දෙවැන්නට දෘෂ්ටි හෙළීනම් හෝ දෙවැන්නාධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා සමඟ යෝග වී නම් හෝ විවාහය ර¼දා නොපවතී. දෙවැන්න යනු කුටුම්බ ස්ථානය හෙවත් විවාහයෙන් පසු ස්ථානයයි. විවාහ වනතෙක් 7 වැන්න වැදගත්ය. දෙදෙනා කායිකව එක්වීමෙන් පසු වැදගත් වන්නේ 7 නොව දෙවැන්නයි.
 Kendaraya

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS