laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

සිංහ

සිංහ
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින


සිංහ ඔබ කරන කියන කටයුතුවලින් බලා‍පොරොත්තු වූ තරමට ප්‍රතිඵල නොලැබේ. මිල මුදල් උපයා ගැනීමේ උනන්දුව වැඩිවිය හැකි අතර ගනුදෙනුවලදී වාසිදායක බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු අයට ශුභදායකය. අද දින හවු‍ලේ කරන දෙයකින් වාසි ලබා ගත හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින


සිංහ
රැකියා කටයුතුවල වෙනසක් සිදුවිය හැකි අද දින තනතුරු උසස් වීමක් පිළිබඳව සතුටුදායක පුවතක් අසන්න ලැබේ. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ආර්ථිකය සතුටුදායක මට්ටමක තබා ගැනීමට හැකිවේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින


සිංහ සේවා ස්ථානයේ ඔබට විරුද්ධ රහස් කුමන්ත්‍රණයක් ඇති විය හැකි අද දින ඉවසීමෙන් කටයුතු කිරීමෙන් එම තත්ත්වය සමනය කරගත හැකි බව පෙනී යයි. ආර්ථික අපහසුතා ගෙන දිය හැකි දවසකි. නීතිමය චෝදනාවලට ලක් විය හැකි වාතාවරණයක් ගොඩනැගෙමින් පවතී.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින


සිංහ රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ අප්‍රසාදයට හේතුවිය හැකි අද දින ආර්ථික අපහසුතා ගෙන දීමට ඉඩ ඇති අතර, ඇසුරු කරන හිත මිතුරන් හේතුකොටගෙන මානසික පීඩා මතුවීමේ ප්‍රවණතාවයක් පවතී. සාමය, සතුට, නිවස තුළ පහවී යන බව පෙන්නුම් කරයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින



සිංහ අමතර ආදායම් මාර්ග සැලසෙන අද දින ඔබට ශුභදායක බවක් දක්නට ලැබේ. රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතු සතුටුදායක  වන අතර, බලා‍පොරොත්තු වූ අදහසක් ඉටුවේ. තරග විභාගවලින් උසස් ප්‍රතිඵල ලබාගන්නා බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින


සිංහ රැකියා කටයුතුවල යහපත් ප්‍රගතියක් දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාරික කටයුතුවලට බාධා, අවහිරතා ගෙනදීමට ඉඩ ඇති අතර, ලාභ ලැබිමේ අදහසින් කෙරෙන, ආයෝජනවලට අයහපත් දවසකි. තම පවු‍ලේ කටයුතු උදෙසා දැඩි උනන්දුවෙන් ක්‍රියා කරන බව පෙනීයයි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින


සිංහ
ජලය හා සුවඳ විලවුන් සම්බන්ධ කටයුතුවල නියුතු වූවන්ට ශුභදායකය. රැකී රක්ෂාවල දියුණුවක් දක්නට ලැබෙන අද දින ආර්ථිකය යහපත් වන අතර සම්මුඛ පරීක්ෂණවල යෙදෙන අයට ජය ලබාගත හැකි දවසකි. අධ්‍යාපන කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. යුග දිවිය පී්‍රතිමත්ය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින


සිංහ
හිතවතුන්ගේ සහයෝගය ලැබෙන අද දින සම්මුඛ පරීක්ෂණවල  යෙදෙන අයට ශුභදායක ප්‍රතිඵල ලබාගත හැක. රැකීරක්ෂා සම්බන්ධව තිබූ බාධක ඉවත්වන අතර, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන බව පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවක් සම්බන්ධව පාඩු විඳීමට සිදුවේ.



අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින

සිංහ රැකියාවේ කටයුතුවල වෙනසක් සිදුවේ. හවුල් ව්‍යාපාරවල නියුතු අයට වාසි ගෙනදෙයි. ආර්ථිකය යහපත් බව පෙනීයන අතර තම උත්සාහයේ ප්‍රතිඵල ලබාගත හැකි අද දින පවු‍ලේ අය වෙනුවෙන් වැඩිපුර කැපවීමට සිදුවෙයි. ආගමික කටයුතුවලට සිත වැඩි වශයෙන් යොමුවන දවසකි.



අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින

සිංහ ව්‍යාජ මිතුරන්ගෙන් බලා‍පොරොත්තු රහිත කරදර ගෙන දිය හැකි අද දින තම රැකියාව සුපුරුදු පරිදි ගෙන යාමට හැකි වනවා ඇත. ව්‍යාපාරිකයන්ට ශුභදායක වන අතර ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. ගෙදර දොර දියුණුවට මග පෑදෙනු ඇත.


ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment