ධනු
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
ධනු රැකියා සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබා ගත හැකි අද දින වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි සැලසෙන බව දක්නට ලැබේ. අතිරේක ධනලාභ ලබාගත හැකිවන අතර අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ට යහපත්ය. ඔබේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
ධනු අද දින අයවැය සමබරව පවත්වා ගැනීමට අපහසු වෙතත් ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. ව්‍යාපාර කටයුතුවල නිරත වුවනට තම අදහස් සපුරා ගැනීමට නොහැකිවන අතර ගෙදර දොර වාද විවාද මත ගැටුම් ගෙන දීමේ ප්‍රවණතාවක් පෙන්වයි
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
ධනු සිතට සහනයක් දැනෙන දවසකි. බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් හිමි වීම නිසා සතුටට පත්වන අද දින ව්‍යාපාරිකයන්ට නොසිතූ පරිදි ලාභ ලබාගත හැකි වන අතර රැකියාවල නියුතු අයට ශුභදායකය. නව ආදායම් මාර්ග උදාවේ. යුග දිවිය ප්‍රීතිමත්ය.අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
ධනු වෙළෙඳ හා කාර්මික ක්ෂේත්රයන්හි නියුතු වූවනට විශේෂ ආර්ථික වාසි ගෙනදෙන දවසකි. ස්වාමි පක්ෂයේ හොඳ හිත දිනාගනී. යොදාගත් වැඩ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන අතර, කුමන හෝ වාසිදායක සිදුවීමක් පෙන්නුම් කරයි. උසස් අය ඇසුරට ඉඩ සැලසෙන අද දින ජීවිතය පී්රතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින
ධනු තම ආපේක්ෂාවන් ඉටුකර ගැනීමට යාමේදී බොහෝ බාධක ඇතිවිය හැකි අද දින ව්‍යාපාරික කටයුතු අවුල්වීයාමට හැකි ප්‍රවණතාවක් පවතින බව පෙනීයයි. රැකියාවල නියුතු අයට ශුභඵල උදාවන අතර, අධ්‍යාපන කටයුතුවල නියුතු අයට යහපත්ය. අනවශ්‍ය ගමන්බිමන් යෙදෙන දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
ධනු සැමගේ ආධාර හා සහයෝගය නොඅඩුව ලැබෙන අද දින රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් යහපත් ප්‍රතිඵල අත්වෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් කාලය යෙදවීමට ඉදිරිපත් වන බව පෙනේ. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට තම පැතුමන් ඉටුකර ගැනීමේ ප්‍රවණතාවක් පවතී. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
රැකියා කටයුතුවල කාර්ය බහුලතාවයක් දන්නට ලැබෙන අද දින රැකියා ප්‍රධානින්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකිවෙයි. මතෛක් පැවති කරදර බාධා නිමාවට පත්විය හැකි අතර ඔබට යහපත් මිත්‍රයන්ගේ ඇසුර ලබා ගත හැකි දවසකි. පෙම්වතුන්ට ශුභදායකය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
ධනු සිතේ බලපැවැත්වූ වැදගත් ක්‍රියාමාර්ගයක් සාර්ථක ලෙස ඉටුකර ගත හැකිවේ. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු යහපත් වන අතර අස්ථාන චෝදනා අපවාදවලට ලක්විය හැකි බව පෙනී යයි. අනුන් සම්බන්ධ වගකීම් ඉටු කිරීමට යාමෙන් තම කටයුතු අඩපණ වන බව දක්නට ලැබේ. ගෘහ ජීවිතය වාසනාවන්තය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
ධනු
රැකීරක්ෂා කටයුතුවලදී අනපේක්ෂිත ගැටලුවලට මහුණ දීමට සිදුවන බව දක්නට ලැබේ. ඔබ සමග කටයුතු කරන අයගේ අවංකබව, පක්ෂපාතිත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් අවදිවී සිටිය යුතු දවසකි. සමාජ සේවය හා ජනතා යහපත පිණිස කරන කටයුතු තමාට අස්වැසිල්ලට හේතු වනු ඇත.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment