වෘශ්චික
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25 දින
වෘශ්චික මතෛක් පැවැති රැකියා කරදර නිමාවට පත්විය හැකි අද දින රැකියා කටයුතුවල ශුභවාදී තත්ත්වයක් දක්නට ලැබෙන අතර ව්‍යාපාරිකයන්ට යහපත් ප්‍රතිඵල උදාකරයි. ආර්ථිකය සතුටුදායකය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20 දින
වෘශ්චික අනාගතයට වැඩදායි ක්‍රියා මාර්ගයකට ඔබේ මනස යොමුවන බව පෙනී යයි. ඔබට සහයෝගයෙන් කටයුතු කළ අය ඔබේ ඇසුරෙන් ඈත්වන බවක් දක්නට ලැබෙන අතර විදේශ රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවේ. පවුලේ දියුණුවට කටයුතු සැලසේ
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19 දින
වෘශ්චික තම උත්සාහයේ ප්‍රතිඵල ලබාගත හැකි අද දින රැකියා කටයුතුවල තිබූ දුෂ්කරතා මග හැරේ. රැකියා ප්‍රධානියාගේ ප්‍රසාදය හිමිවන අතර, ඉගෙනීමේ යෙදී සිටින සිසු සිසුවියන්ට ශුභදායකයි. සිතට සහනදායී තත්ත්වයක් ගෙන දෙන දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18 දින
වෘශ්චික ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්වේ. රැකි රක්ෂාවල කිසියම් ප්‍රගතියක් ලබනු ඇත. ඔබ සිතන පරිදි ඔබේ වැඩකටයුතුවල ඒ අයුරින්ම සිදු නොවන බව පෙනී යන අතර ශුභ කටයුත්තක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවිය හැකි දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14 දින
වෘශ්චික අද දින රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට පාඩු ගෙන දෙන අතර නීතිමය ප්රශ්නවලදී අවාසිදායක තත්ත්වයක් ගෙනදෙයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි දවසකි. දෙමව්පියන්ගේ කටයුත්තක් සඳහා බලවත් වෙහෙසක් දැරීමට සිදුවන බව පෙනීයයි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13 දින
වෘශ්චික
අද දින රැකියා කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ව්‍යාපාර කටයුතුවල පරිහානියක් දක්නට ලැබෙන අතර, ආර්ථිකයේ පසුබෑමක් පෙන්නුම් කරයි. තම සහෝදරයකු සමග සිත් අමනාපකමක් දුර දිග යාමේ ප්‍රවණතාවක් පවතී. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12 දින
වෘශ්චික රැකියාමය අංශයේ වෙනදාට වඩා වගකීම් හිමිවන අද දින තාවකාලික රැකියාවල නිරත අය ස්ථිර වේ. ව්‍යාපාරික කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර නඩුවකින් ජය ලබාගත හැකි අද දින ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම යහපත්ය. ගෘහ ජීවිතය පී්රතිමත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11 දින
රැකියාවල නියුතු අයට යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට නොසිතූ පරිදි ලාභ ලබා ගත හැකි අද දින නව ආදායම් මාර්ගයක් උදා වන බව පෙන්නුම් කරයි. බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් හිමිවීම නිසා සතුටට පත්වන අතර, නිවසේ පැවති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දවසකි.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07 දින
වෘශ්චික නීතියේ පිහිට පැතීමට සිදුවන අද දින ඔබගේ එදිනෙදා කටයුතු පවා හරිහැටි කරගෙන යාමට අපොහොසත් වේ. රැකියාවේ පසුබෑමක් පෙන්නුම් කරන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි දවසකි. මුදල් පරිහරණයේදී ප්‍රවේශම් විය යුතු බව පෙන්වා දිය යුතුය. ගෘහ ජීවිතය යහපත්ය.
අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින
වෘශ්චික
රැකියාවේ කාර්ය බහුලත්වය ගෙන දිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට විශේෂ වාසි අත්වන බව පෙනී යයි. මතෛක් තිබූ අපහසුතාවන් මගහැරී යන අතර, අතමිට මුදල් ගැවසෙන දවසකි. පොතපත කටයුතුවලට සිත වැඩිපුර යොමු වන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය යහපත්ය.
ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස






















0 comments:
Post a Comment