laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

වෘෂභ


                       

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 25දින


වෘෂභ
අද දින ඔබ ඉදිරිපත් වන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ගෙනදෙයි. රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත්ය. බුද්ධිමතුන්ගේ සහයෝගය ලබා ගත හැකි දවසකි. පවු‍ලේ ප්‍රීතිය හා වාසනාව උදාකෙරේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 20දින

වෘෂභ
රැකියා දියුණුව ගෙන දෙන බව පෙන්නුම් කරයි. රැකියා උසස් වීමකට භාග්‍ය හිමි වන අතර ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ගෙන දෙන බව දක්නට ලැබේ. ඇසුරු කරන අය හේතු කොටගෙන අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 19දින


වෘෂභ
බලා‍පොරොත්තුව සිටි මුදලක් ලැබෙන අද දින පැවති අසහනය දුරුවීමෙන් සිතට මහත් සහනයක් ගෙනදේ. රැකියාවල නියුතු අයට ශුභඵල උදාවන අතර ව්‍යාපාරිකයන්ට වාසිදායක බව පෙනී යයි. ආර්ථිකය යහපත්ය. විනෝද ගමනක් යෑමට අවස්ථාව උදාවේ.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 18දින


වෘෂභ
රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇතිවේ. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි සැලසෙන බව දක්නට ලැබේ. ආර්ථිකය යහපත් වන අතර සිතට අවිවේකය ගෙන දිය හැකි අද දින අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදාවිය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 14දින



වෘෂභ
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට පාඩු සිදුවිය හැකි අද දින රැකියා කටයුතුවල තිබූ දුෂ්කරතා මගහැරී යයි.  නව ආදායම් මාර්ගයක් උදාකර ගැනීමට අවස්ථාව සැලසෙන අතර තම කටයුතු කලට වේලාවට  සාර්ථකව නිම කරගැනීමට හැකිවේ. මංගල යෝජනා බලා‍පොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් සඵල විය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 13දින

වෘෂභ
තම අනාගත දියුණුව උදෙසා නව ආදායම් මාර්ගයක් සඳහා යොමුවිය හැකි අද දින රැකීරක්ෂා කටයුතුවලින් දින කිහිපයක් නිවාඩු ගැනීමට හේතුවිය හැකි කරුණක් යෙදෙන බව පෙනී යයි. මුදල් ලාභ හෝ බලා‍පොරොත්තු නොවූ වාසියක් අත්වීමට ඉඩ ඇති දවසකි.

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 12දින

වෘෂභ
අද දින රැකියා කටයුතු මෙන්ම ආදායම් තත්ත්වයද යහපත් මට්ටමක පවතී. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට වැඩි වාසි සැලසේ. නිෂ්ප්‍රයෝජන කටයුතු සඳහා ධනය වැයවීමට ඉඩ ඇති අතර දරුවන් නිසා පමණට වඩා වෙහෙසවීමට සිදුවන බව පෙනී යයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 11දින

වෘෂභ
ෙදෙනික කටයුතු හරියාකාරව අවසන් කර ගැනීමට නොහැකිවන වාතාවරණයක් මතුවිය හැකි අද දින දුර බැහැර ප්‍රදේශවල පදිංචියට යෑමට බලා‍පොරොත්තු වූ අයගේ අදහස් ඉටුවනු ඇත. රැකියා ස්ථානයේ අර්බුදකාරී වාතාවරණයක් උද්ගතවීමේ ප්‍රවණතාවක් පවතී.

 

අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 07දින

වෘෂභ
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලබාගත හැකි බව පෙනී යයි. ආර්ථිකය යහපත්වන අතර දේපළ ඉඩකඩම් වලින් ආදායම් ලබයි. සිතට සැනසිලිදායක තත්ත්වයක් උදාවිය හැකි දවසකි.


අද දින ඔබගේ කලදසාව 2016 ජනවාරි 06 දින

වෘෂභ
තම ඥාතීන් වෙතින් උපකාරයක් අපේක්ෂා කරන අවස්ථාවක් මතුවිය හැකි අද දින රැකියාව සම්බන්ධ දියුණුවක් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවන අතර නීතිමය ගැටලුවකට මැදිවීමේ හැකියාව පෙන්නුම් කරන දවසකි.
 

ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment