2015-05-16 02:00:00
කුම්භ ලග්න හිමියෝ - බදා ගන්නට නොව බෙදා දෙන්නට කැමැති
කුම්භයෙන් උපත ලද ඔබේ ලග්නාධිපතියා වනුයේ ශනි ග්‍රහයා හෙවත් සෙනසුරුය. කාරුණික ගුණය හා ආදරණීය බව කුම්භයේ ආවේණික ගුණයන් අතරින් විශේෂත්වයක් ගනී. ඉවසීමේ හා දරා ගැනීමේ හැකියාවද කුම්භයෙන් උපත ලද ඔබට ලග්නාධිපති සෙනසුරු ප්රදානය කළ උප්පත්තිමය දායාදයකි.
සොබාදහමට හා පරිසරයට මහත් ඇල්මක් දක්වන කුම්භයෙන් උපන් ඔබ කලාකාමී අදහස්වලින් පරිපූර්ණ වූවෙකි. මවාගත් සුන්දර ලොවක් තුළ ජීවත් වීමට මෙන්ම යථාර්ථවාදී ජීවිතයක් ගත කිරීමටද ඔබට එක හා සමාන හැකියාවක් ඇත. වැඩි කලබලයකින් තොරවූ සන්සුන් දිවි පෙවෙතක් ගත කිරීමට ඔබ දක්වනුයේ මහත් අභිරුචියකි.
හිත මිතුරන්ට දැඩිව ආදරය කරන ඔබ සුළු සුළු සිදුවීම්වලින් සසල වන අයකු නොවේ. එමෙන්ම සෙනසුරුගේ නෛසර්ගික ගුණය හේතු කොටගෙන වහා කිපෙනසුලු පුද්ගලයකුද නොවනු ඇත. එහෙත් දැඩිව අහිංසක අයුරින් කටයුතු නොකරන ඔබ බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන්නකු ලෙස හඳුන්වා දිය හැකිය.























0 comments:
Post a Comment